Nube Asata Ena Song Lyrics - නුඹේ ඇසට එන ගීතයේ පද පෙළ

Nube Asata Ena Song Lyrics - නුඹේ ඇසට එන ගීතයේ පද පෙළ
Song Title : Nube Asata Ena (නුඹේ ඇසට එන)
Singing : Bandara Athauda (බන්ඩාර අතාවුද මහත්මා) සහ Neela Wikramasinghe (නීලා වික්‍රමසිංහ මහත්මිය)
Lyrics : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
Music : Neela Wikramasinghe (නීලා වික්‍රමසිංහ මහත්මිය)


නුඹේ ඇසට එන කඳුළ මම ම ගෙන
මම අම්මා විය නුඹට එදා
නුඹේ සිතට එන සිතුම් මම ම ගෙන
මම අම්මා විය නුඹට මෙදා

සොඳුරු හිතේ දුක කඳුළු ඇසේ දැක
මම හෙළුවා නුඹෙ හිතට හොරා

කිඳුරු මතක විල කඳුළු තනිව බී
මම හැඬුවා ඔබෙ නෙතට හොරා
හැඬුවා ඔබෙ නෙතට හොරා

නුඹේ ඇසට එන කඳුළ මම ම ගෙන
මම අම්මා විය නුඹට එදා
නුඹේ සිතට එන සිතුම් මම ම ගෙන
මම අම්මා විය නුඹට මෙදා

ඔබේ හදේ රැඳි අඳුරු කල්පනා
මම වැසුවා මල් පොකුරු නෙළා

ඒ සෙනෙහස රැඳි මහරු සුවඳ සිත
මට පිහිටයි දෙවොලකට වඩා
පිහිටයි දෙවොලකට වඩා

නුඹේ ඇසට එන කඳුළ මම ම ගෙන
මම අම්මා විය නුඹට එදා
නුඹේ සිතට එන සිතුම් මම ම ගෙන
මම අම්මා විය නුඹට මෙදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nube Asata Ena Song Lyrics - නුඹේ ඇසට එන ගීතයේ පද පෙළ Nube Asata Ena Song Lyrics - නුඹේ ඇසට එන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 13, 2021 Rating: 5

0 comments:

Post a Comment