මිණියම්පිටිය කොටවෙහෙර - රඹුක්කන (Miniyampitiya Kotawehera - Rabukkana)

මිණියම්පිටිය කොටවෙහෙර - රඹුක්කන (Miniyampitiya Kotawehera - Rabukkana) - Your Choice Way

කොළඹ - නුවර මධ්‍යම අධිවේගී මාර්ගය ගමන් කිරීමට යෝජිත රඹුක්කන හේවාදිවෙල මිණියම්පිටිය ප්‍රදේශයෙන් මෙම පුරාණ දාගැබ් හමුවී ඇත . 

ක්‍රි . පු . 2 වන සියවසට අයත් ( අනුරාධපුර යුගය ) සේ සැලකෙන මෙම දාගැබ මීටර් 15 ක විශ්කම්භයකින් යුතුව මැටි හා සක්ක ගල් උපයෝගී කරගෙන සාදා ඇති කොත් කැරැල්ලක් රහිත කොට වෙහෙරක් බවට පුරාවිද්‍යා කැණීම් වලදී තහවුරු වේ . 

මෙම දාගැබ අසලම එයට තරමක් කුඩා දාගැබක ද නටඹුන් හමුවේ . පුරාවිද්‍යාඥයින් ගේ මතයට අනුව , විශාල දාගැබ ගරාවැටීමෙන් පසු එකල විසූ මිනිසුන් එම ස්ථානයේ ම මෙම කුඩා දාගැබ ද ගොඩ නංවා ඇති බවයි . 

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති පැරණිතම දාගැබ වන දැලිවල කොටවෙහෙර ට 1km ක් පමණ ආසන්නයෙන් පිහිටා ඇති නිසා එහි පරිවාර දාගැබක් සේ එය එකල තිබී ඇති බවට පුරාවිද්‍යාඥයින් ගේ අනුමානය යි . 

මෙහි කැණීම් තුලින් අඟුරු කැබලි , පුරාණ කාසියක් ආදී ද්‍රව්‍ය කිහිපයක් ලැබී ඇත . 

අධිවේගී මාර්ගය මෙම ස්ථානයේදී ගමන් ගන්නා නිසා , දාගැබ් දෙකට හානි නොවන සේ කණු මතින් යන සේ ඉදිකිරීමට යෝජනා වී  ඇත . 

රඹකැන්පුර උරුමය අගයන ඔබ යා යුතුම ඉතා වටිනා ස්ථානයකි . 

උරුමය අගයමු - උරුමය රැක ගනිමු . 

එයයි " උරුමයක වරුණ " අපේ බලාපොරොත්තු ව . 
මිණියම්පිටිය කොටවෙහෙර - රඹුක්කන (Miniyampitiya Kotawehera - Rabukkana) - Your Choice Way

මිණියම්පිටිය කොටවෙහෙර - රඹුක්කන (Miniyampitiya Kotawehera - Rabukkana) - Your Choice Way

මිණියම්පිටිය කොටවෙහෙර - රඹුක්කන (Miniyampitiya Kotawehera - Rabukkana) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මිණියම්පිටිය කොටවෙහෙර - රඹුක්කන (Miniyampitiya Kotawehera - Rabukkana) මිණියම්පිටිය කොටවෙහෙර - රඹුක්කන (Miniyampitiya Kotawehera - Rabukkana) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 15, 2021 Rating: 5

0 comments:

Post a Comment