Lihiniya Dutu Wesak Siri Song Lyrics - ලිහිණියා දුටු වෙසක් සිරි ගීතයේ පද පෙළ

Lihiniya Dutu Wesak Siri Song Lyrics - ලිහිණියා දුටු වෙසක් සිරි ගීතයේ පද පෙළ
Song Title : Lihiniya Dutu Wesak Siri (ලිහිණියා දුටු වෙසක් සිරි)
Lyrics : Lihini Umanga



සම්බුදු හිමිගේ තෙමගුල සිහි කරන්නට
වෙසක් දිනය ඇවිදින් යැයි කියයි සැම
රටේ ලෝකේ වෙසක් සිරිය දැක ගන්න
ලිහිණිය සිතුවා පින් සිත පුබුදුවාගෙන,,,,,,,,,,

දුක් විඳි බුදු සමිඳු සය වසරක්ම පුරා
සිහිගන්වන සීයෙක් මම දුටිමි මෙදා
කුස පිරෙන්න කන්නට යැයි තුටින් සිතා
ඔහු යනවා දන්සැල වෙත හනි හනිකා ,,,,,,,,,,

දන්සලේ සිටි දුප්පත් නෝනලා ටික
නහය හකුලුවාගෙන අහකට වෙන්නේ
සංවිධාන කමිටුව දුවගෙන එන්නේ
කුණුහරපෙන් බැනලා ඔහු එලවන්නේ ,,,,,,,,,,

අමාරුවෙන් දන්සැල පසුපසට යතේ
බල්ලන් කපුටු රැල හෙමිහිට එලවන්නේ
දුප්පත් නෝනලා පෙරේත සිතිල සිතේ
වැඩියෙන් බෙදන් විසිකළ බත් ටික බුදිතේ ,,,,,,,,,,,,

මහා හයියෙන් යකඩ කටක් කෑ ගැහුවා
ධාතුන් නරඹලා පින් ගන්නට කිවා
සිහින් සිනහවක් සීයාගේ මුව රැඳුනා
හෙමින් හෙමින් පන්සල වෙත පිය නැගුවා ,,,,,,,,,,,

සියා දුටුව ලොකු හිමියෝ දුව එන්නා
දොහොත් මුදුන් දී සියා වැඳ වැටුනා
සුවපත් වේවා කියලානම් නොම ඇසුනා
හිඟන නාකියා දුවපන් හඬ ඇසුනා ,,,,,,,,,,,,,,

ධාතු ප්‍රධාර්ශනේ අරඹන පින් උතුමා
සිය දුටුවේ එවිටයි හරි හොඳ ලෙසටා
අපෙන් කප්පමක් අරගෙන ඔජ වඩනා
මේ හිඟන්න මෙහි කොහේදෝ ඔහු කිවා ,,,,,,,,,,,,

මහා ලොකුවට හැඩට හැඩේ දිලිසෙන්නා
තෝරන් රාජයා ඉදිවිය නගරේ මැදා
සුරා සොඩලු ජාතකයත් එහි ඇතුවා
තොරණ බලන්නට මා එහි පියඹන්නා ,,,,,,,,

තොරණේ පහන් ආලෝකය දල්වන්ටා
උතුමෙක් ඇවිත් සිටියා සුදුවට ඇදලා
හොඳට බැලුව පසු මා ඔහු හැඳිනුවා
කසිප්පු මුදලාලියි මේ පින් උතුමා ,,,,,,,,,,,

ගවය සිය දෙනෙක් අද නිදහස් වෙනවා
එය දැකගන්න මාගේ සිත දඟලනවා
පින් කටයුත්ත දැක ගන්නට එහි යනවා
හරක් හොරා මෙන්න බොලේ එහි ඉන්නා ,,,,,,,,,,,

වැරදි කරපු අඟනුන් යහමග ගන්න
පරිවාසයේ තියෙනවා හොද වැඩමුළුව
මුලාසනේනම් එහි ඇත හොඳම අය
මමත් ගියා දැක ගන්නට ඒ අයව ,,,,,,,,,,,

විශාකාව වැනි අගනක් දැකගන්න
සිත පහදා ඒ දෙසටම නෙත් යැවුව
ගණිකා මඩමේ හිමිකාරිය අද මෙතන
ආරාධනා ලැබ දේශනේ කරයි අද ,,,,,,,,,,,

වෙසක් සිරිය දැකලා මගේ සිත නිවුනා
වෙසක් බැලුවේ කුමකටදැයි මට සිතුනා
හෙමින් සැරේ ආපසු එන්නට හැරුනා
කපුටු බෝධියක් ළඟ සියා දුටුවා ,,,,,,,,,,,,,

ආපසු එන අතරතුරේ පාර අයිනේ තිබුණු වතුසුද්ද ගසකින් දුවිලි වැදුණු මල් දෙකක් කඩාගත්ත සියා කපුටු බෝධියක් අසල මල් පුදා දොහොත් මුදුන් දී වන්දනා කරන විට සීයාගේ මුවේ ඇඳුනු පින් සිනහව දැක පහන් සිත් උපදවා ගතිමි ...........

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lihiniya Dutu Wesak Siri Song Lyrics - ලිහිණියා දුටු වෙසක් සිරි ගීතයේ පද පෙළ Lihiniya Dutu Wesak Siri Song Lyrics - ලිහිණියා දුටු වෙසක් සිරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2021 Rating: 5

0 comments:

Post a Comment