කෙසේල්මුව සීනි සම්බෝලය හදමු (Keselmuwa Sini Sambolaya Hadamu)

කෙසේල්මුව සීනි සම්බෝලය හදමු (Keselmuwa Sini Sambolaya Hadamu) - Your Choice Way
කෙසෙල්මුව සීනි සම්බෝල හදන්න ගොඩක් අය හරියටම දන්නේ නෑ.මෙන්න හරිම ක්‍රමය.හදලම බලන්නකෝ..

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • අලුත් කෙසේල්මුවක් (නොමේරු )
  • සිහින්ව කපාගත් රතුළුණු 250g
  • සිහින්ව කපාගත් උම්බලකඩ මේස හැදී 4
  • බැදපු මිරිස් කුඩු මේස හැදී 2
  • සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 5
  • සිහින්ව කපාගත් සුදුළුනු බික් 7
  • සිහින්ව කපාගත් කරපිංචා මේස හැදී 2
  • දිය කරගත් සියඹලා යුෂ මේස හැදී 1
  • කුඩු කරගත් කරදමුංගු කරල් 10
  • සේර,කුරුදු,රම්පෙ කැබලි කීපයක් බැගින්
  • එලවළු තෙල්
  • කහ කුඩු ස්වල්පයක්
  • සීනි තේ හැදී 1
  • දිය ලුණු ස්වල්පයක්
  • ඉගුරු ස්වල්පයක්

✅ සාදාගන්නා ආකාරය :

  1. මැල්ලුමකට ලියා ගන්නා සේ කෙසේල්මුව ලියමින් ලුණු වතුරට දමන්න.මද වේලාවක් එසේ තියෙන්න හරින්න.ඊට පසු ටිකෙන් ටික මිරිකමින් කපාගත් කෙසේල්මුව කැබලිවල කහටත් ලුණු ඉවත් කරමින් නවතත් පිරිසිදු වතුරෙන් සෝදා ගන්න.කහ කුඩු ස්වල්පයක් හා ලුණුත් දමා හොදින් අනා මද ගින්නේ තැමිබෙන්න හරින්න.
  2. ඒ අතර සිහින්ව කපාගත් කරපිංචා,සුදුලූනු,ඉගුරු තලපයක් සේ හොදින් අඔරා ගන්න.භාජනයක් ළිප මත තබා රත් වන විට තෙල් මේස හැදී 4ක් පමණ දමා හොදින් රත් වූ පසු උම්බලකඩ දමා තරමක් බැදෙන විට රත්ළුණු මිශ්‍ර කරන්න.කූරු ගාමින් බැදෙන්න හරින්න.
  3. ඊටපසු අමුමිරිස්,සේර,රම්පේ,කුරුදු දමා කූරු ගාමින් බැදෙන්න හරින්න.එයද හොදින් බැදුන පසු මිරිස් කුඩු එකතු කර කවලම් කරන්න.තම්බා ගත් කෙසෙල් මුවට අඹරා ගත් ඉගුරු මිශ්‍රණය හා කරදමුංගු කුඩු එකතු කර හොදින් කළවම් කරන්න.ලිපේ තිබෙන අනෙක් මිශ්‍රණයට මෙයද එකතුකර කූරු ගාමින් කවලම් කරන්න.මද වේලාවක් වසා තියන්න.
  4. ඉන් පසු සියඹලා යුෂ එක්කර තවත් ස්වල්ප වේලාවක් ලිපේම තියන්න.විනාඩි 5 කට පමණ පසු සීනි එක්කර නැවත කූරු ගාන්න.ළිපෙන් ඉවත් කර කෑමට ගන්න.තෙත් ගතිය ඉවත් වී නිවුනට පසු සුළං නොවදින සේ බාජනයකට දමා දින කීපයක් වුවද තබාගත හැකිය.
මැටි හාජනයක මෙය පිළියෙළ කරන්නේ නම් වඩාත් සුදුසුයි..
කෙසේල්මුව සීනි සම්බෝලය හදමු (Keselmuwa Sini Sambolaya Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කෙසේල්මුව සීනි සම්බෝලය හදමු (Keselmuwa Sini Sambolaya Hadamu) කෙසේල්මුව සීනි සම්බෝලය හදමු (Keselmuwa Sini Sambolaya Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2021 Rating: 5

0 comments:

Post a Comment