ජපන් දාම ඝාතකයා (තකෂිරෝ ෂිරයිෂිය) [ Japanese Chain Killer ]

ජපන් දාම ඝාතකයා (තකෂිරෝ ෂිරයිෂිය) [ Japanese Chain Killer ] - Your Choice Way
©® තරුණියන් 8ක් මරා නිවසේ සිරුරු සැගවීම....
©® මිනිස් අවයව පෙට්ටියකට දමා කාමරයෙ තබා ගැනීම..

ජපානය කිව්වම දාම මිනීමරුවො ඉදියි කියලා හිතෙනවද ,නැ නෙ එ රටෙ මිනිස්සු බෞද්ධ එයාලා එච්චර මොඩ නැ කියලා හිතෙනවා නේද .මොකද එහෙම ඉදලා නැති නිසා😖

එ අදහස් වෙනස් කරමින් දාම ඝාතකයෙක් ඔන්න ආවා එළියට ජපානයෙන්...

අපි පොස්ට් එකට යන්👇❤️

සීරියල් කිලර්ස් නොහොත් දාම මිනීමරුවන් පිළිබඳව ලොව විවිධ රටවලින් වාර්තා වී තිබේ. විකෘති මානසිකත්වයකින් යුතු මෙවැනි දාම මිනීමරුවන් තෘප්තිමත් වනුයේ විවිධ ක‍්‍රම උපයෝගී කර ගනිමින් ඉතා අමානුෂික අයුරින් දාමයක් ලෙස අහිංසක මිනිස් ජීවිත බිලිගැනීමෙනි.   

දාම මිනීමරුවන් විදිහට  ඇමෙරිකාවේ ඩොනල්ඩ් හෙන්රි,ටෙඩ් බන්ඩි, ජැක් ද රිපර්, ලූවී ගරාවිටෝ, අහමඩ් සුරාඩ්ජි, ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින්, ආන්ද්‍රේ චිකාටිලෝ, චාල්ස් එඩ්මන්ඩ් කුලෙන්, පැට්‍රික් වේන් කියාර්නි, ඩෙනිස් රයිඩර්, ජොන් ජෝජ් හේග්, පෝල් නොවෙල්ස්, විලියම් බොනින්, අයිලින් වුවර්නොස්, ජෙෆ්රි ඩාහ්මර්, ට්සුටෝමු මියාසාකි වැනි පුද්ගලයෝ ලොව කුප‍්‍රකට දාම මිනීමරුවන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නෝ වෙති. මොවුහු අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකුවත් ඝාතනය කරන ලද පුද්ගලයෝය. 

මෙම දාම ඝාතකයන් අතරට එක් වූ අලූත්ම පුද්ගලයා ජපානයේ අයෙක් වීම විශේෂත්වයයි . ඔහු 27 හැවිරිදි තකෂිරෝ ෂිරයිෂිය. තරුණියන් අට දෙනකු හා එක් තරුණයකු ඔහුගේ ගොදුරු බවට පත්ව තිබේ. තමන් ජීවිතය පිළිබඳව කලකිරී සිටින බවට සමාජ ජාල ඔස්සේ සඳහන් කළ යුවතියන්ට එම කටුක ජීවිතයෙන් නිදහස් වන්නට තමන් උපකාර කළ බවට තකෂිරෝ පාපෝච්චාරණය කර තිබේ. 

ඔහු මෙම තරුණියන් හඳුනාගෙන ඇත්තේ සිය ට්විටර් ගිණුම ඔස්සේය. ‘‘පාසලේදීත් රැකියා කරන ස්ථානයෙත් වෙනත් ස්ථානවලදීත් පුද්ගලයන් හිරිහැරයට ලක් වෙනවා. එවැනි පුද්ගලයන්ට පිහිට වීම මගේ අරමුණයි. එවැනි අය ඕනෑම අවස්ථාවක මට පණිවිඩයක් එවන්න’’ යනුවෙන් ඔහු සිය ට්විටර් ගිණුම මගින් ඉල්ලා තිබේ. ඔහු සතුව ට්විටර් ගිණුම් කිහිපයක් පැවැති බවට තොරතුරු ලැබී ඇති අතර තවත් ගිණුමක ‘‘ අපි එක්ව මියයමු’’ යනුවෙන් සඳහන් වී තිබිණි. 

තකෂිරෝ විසින් ඝාතනය කරන ලද තරුණියන්ගෙන් සිව් දෙනෙක් 17 වැනි පසුවූවන් වූ අතර ඉතිරි පිරිස 20ත් 23ත් අතර පසුවූවෝය. ඔහුගේ පළමු වැනි ගොදුර වූයේ සිය දිවි නසාගැනීම සඳහා ඔහුගෙන් උපකාර ඉල්ලා සිටි යුවතියකි. ඇය තමාට සිය දිවි නසා ගැනීමට අවශ්‍ය බවත් එහෙත් තනිව මියයාමට බිය හෙයින් ඒ සඳහා සහකරුවකු සොයා දෙන ලෙසට ඔහුගෙන් ඉල්ලා තිබේ. තකෂිරෝ ඇයට උපකාර කිරීමට එකඟ වී ඇත්තේ ඒ අනුවය. ඇය ඔහු හමුවට ගිය බව ඇගේ පෙම්වතා දැන සිටි අතර ඇය සොයා එම නිවෙසට ගිය පෙම්වතාද තකෂිරෝ වෙතින් ඝාතනය වී තිබේ. 

තමන් මේ සඳහා උපකාර කරන බවට හා ඔවුන් සිය දිවි නසාගන්නා බවට මිතුරන්ට හෝ, ඥාතීන්ට හෝ සමාජ ජාල ඔස්සේ හෝ කිසිදු අයුරකින් හෙළිදරව් නොකරන ලෙස ඔහු මෙම යුවතියන්ගෙන් ඉල්ලා තිබේ. මරා දැමීමට පෙර මෙම යුවතියන් අට දෙනා සමඟ තකෂිරෝ ලිංගිකව එක්වී ඇති අතර ඔවුන් මරා දමා ඇත්තේ ඉන් අනතුරුවය. තම සේවය වෙනුවෙන් ඇතැම් යුවතියන්ගෙන් පවුම් 3,400ක්ද ලබා ගත් බැව් ඔහු පැවසූ බැව් ටෝකියෝ පොලිසිය සඳහන් කරයි. 

ඔහු ජීවත් වූයේ ටෝකියෝ නගරයට නිරිත දිග දෙසින් පිහිටි සාමා නගරයේ වූ කුඩා නිවෙසකය. මරා දමන ලද යුවතියන්ගේ සිරුරු කුඩා කැබලිවලට කපා ඒවා නරක් නොවී තබාගත හැකි ශීත කළ කුඩා ඇසුරුම් පෙට්ටිවල බහා එම නිවෙසේ සඟවා තැබීමට ඔහු කටයුතු කළේය. සිරුරුවලින් ඉවත් කළ මාංශ කොටස් සහ වින්දිතයන්ගේ ඇඳුම් හා වෙනත් භාණ්ඩ මාර්ගය අසල ඇති කසළ බඳුන්වලට දමා සාක්ෂි වසන් කිරීමට ඔහු ක්‍රියා කළේය. 

අතුරුදන්ව සිටි එක් යුවතියකගේ සොහොයුරකු විසින් තම සොහොයුරිය අතුරුදන්ව ඇතැයි පොලිසියට කරන ලද පැමිණිල්ලක් ඔස්සේ විමර්ශන පැවැත්වෙමින් තිබූ අතර එම යුවතිය තකෂිරෝ හමුවන්නට ගිය බවට නාඳුනන කාන්තාවක විසින් සොහොයුරාට ට්විටර් පණිවිඩයක් මගින් දැනුම් දී තිබේ. පොලිස් විමර්ශන තකෂිරෝ වෙත යොමු වූයේ ඉන් අනතුරුවය. ඝාතනයට ලක් වූ යුවතියන් දෙදෙනකු දුම්රිය ස්ථානයේ සිට ඔහුගේ නිවෙසට පැමිණෙන අයුරු ඇතුළත් සීසීටීවී දර්ශන සොයා ගැනීමට පොලිසියට හැකි විය. පොලිසිය ඔහුගේ නිවෙස පරීක්ෂාවට ලක් කරන ලද්දේ ඉන් අනතුරුවය. එහිදී මළ සිරුරු කැබලිවලට කපා දැමීම සඳහා භාවිත කළ ආයුධ පෙට්ටියක්, කියතක් හා නරක් වෙමින් පැවැති සිරුරු දෙකක්ද සොයා ගැනීමට ඔවුනට හැකි විය. 

ගෙල සිර කිරීමෙන් ඔවුන් මරා දමා ඇතැයි පොලිසිය විශ්වාස කරයි. එම සිරුරු මත බළල් වසුරු අතුරා තිබිණි. පොලිස් නිලධාරීන් ඔහුගේ නිවෙසේ දොරට තට්ටු කොට අතුරුදන්ව සිටින යුවතියක පිළිබඳව විමසූ විට කුඩා ඇසුරුම් පෙට්ටියක් පෙන්වූ තකෂිරෝ ‘එයා මෙතන සිටිනවා යැයි’ පවසා තිබේ. එහි එවැනි ඇසුරුම් පෙට්ටි අටක් තිබූ බැව් පොලිසිය පවසයි. ඔහුගේ නිවෙස දෙසින් වරින් වර දුගඳක් හමන බවට අසල්වැසියන් පැමිණිලි කර තිබූ බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. 

තකෂිරෝ ෂිරයිෂි කුඩා කල සිටම ඉතා සන්සුන්, අසල්වැසියන් හා සුහදශීලී දරුවකු වී යැයි ඔහුගේ අසල්වැසියන් සඳහන් කර තිබේ. පාසලේ සමාජශීලී දරුවකු වූ ඔහු බේස්බෝල් හා මළල ක්‍රීඩාවට ඇලුම් කළ චරිතයකි. මෙම ඝාතනවලට සම්බන්ධ පුද්ගලයා තකෂිරො බවට අනාවරණ වූ විට එය තමන්ට අදහා ගත නොහැකි වු බැව් ඔහුගේ පාසල් මිතුරන් පවසා තිබේ. 

උසස් අධ්‍යාපනය අවසන් කොට 2009 පාසලෙන් ඉවත් වූ ඔහු ටෝකියෝ හි කබුකිචා ප‍්‍රදේශයේ නීත්‍යනුකූල ගණිකා නිවාසවලට තරුණියන් සපයන්නකු වශයෙන් සේවය කළේය. ඔහුගේ සොහොයුරියන්ගේ අධ්‍යාපනය සඳහා ඔවුන් සමඟ මවද ටෝකියෝවට ගිය හෙයින් තකෂිරෝ ජීවත් වූයේ තම පියා සමඟිනි. පසුගිය අගෝස්තුවේ තම පියා ඇමතූ ඔහු ‘‘මම තව දුරටත් ජීවත් වෙන්නේ ඇයි?’’ යනුවෙන් අසා තිබේ. ඉන් ටික දිනකට පසු ඔහු සාමා ප‍්‍රදේශයේ තනි කාමරයක් සහිත කුඩා නිවෙසක පදිංචියට ගියේය. ඔහු සියලු ඝාතන සිදු කර තිබුණේ එම නිවෙසේදීය. 

ට්විටර් ගිණුම් කිහිපයක් ඇරඹූ ඔහු තමා වෘත්තීය අලූගෝසුවකු යැයිද සිය දිවි නසා ගැනීමට අවශ්‍ය අයට උපකාර කරන බවටද එමඟින් ප‍්‍රසිද්ධ කළේය. සිය දිවි නසා ගැනීමට අවශ්‍ය කාන්තාවන් ඔහු සොයා පැමිණියේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. 

සියදිවි නසා ගැනීම සඳහා තමන්ගෙන් උපකාර ඉල්ලා පැමිණි යුවතියන්ට කඩිනමින් තම අරමුණ ඉටු කර ගැනීමට ඔහු උපකාර කළේය. පළමු මළ සිරුර කැබලි කිරීමට ඔහුට දින තුනක කාලයක් ගත වුවද ඉන්පසු ගතවූයේ එක් දිනක් පමණක් යැයි ඔහු පොලිසියට පවසා තිබේ. මළ සිරුරු කැබලි කිරීමට තම නාන කාමරය භාවිත කර ඇති අතර සතියකට එක් යුවතියක බැගින් ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි. 

ඔහුගේ නිවෙසේ වූ ඇසුරුම් පෙට්ටිවල තිබී පුද්ගලයන් නව දෙනකුට අයත් හිස්, අත් පා සහ අස්ථි කොටස් 240ක් පොලිසියට හමු වී ඇති

දිලා ❤️❤️❤️👇💪🚫
ජපන් දාම ඝාතකයා (තකෂිරෝ ෂිරයිෂිය) [ Japanese Chain Killer ] - Your Choice Way

ජපන් දාම ඝාතකයා (තකෂිරෝ ෂිරයිෂිය) [ Japanese Chain Killer ] - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජපන් දාම ඝාතකයා (තකෂිරෝ ෂිරයිෂිය) [ Japanese Chain Killer ] ජපන් දාම ඝාතකයා (තකෂිරෝ ෂිරයිෂිය) [ Japanese Chain Killer ] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 23, 2021 Rating: 5

0 comments:

Post a Comment