Iye Udaye Song Lyrics - ඊයේ උදයේ ගීතයේ පද පෙළ

Iye Udaye Song Lyrics - ඊයේ උදයේ ගීතයේ පද පෙළ
Song Title : Iye Udaye (ඊයේ උදයේ)
Singing : Henry Caldera (හෙන්රි කල්දේරා මහත්මා)
Lyrics : Henry Caldera (හෙන්රි කල්දේරා මහත්මා)
Music : Henry Caldera (හෙන්රි කල්දේරා මහත්මා)


ඊයේ උදයේ
ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා //

පුරුදු ලෙස මා ඔබ දකින්නට
පැමිණ මංගල සිරියකි දුටුවේ
සබේ කිසිවෙකු ඉබේ වත් නැත
ඇසක් මා දෙස යොමා බැලූවේ
කිමද මේ අරුමේ
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ

ඊයේ උදයේ
ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා

සොඳුර හෙට අප අළුත් ලොවකට
පා නගන්නට සැරසෙන අතරේ
එසේ මා දුටු එවන් සිහිනය
මෙසේ අද මා හිතට වද දේ
කිමද මේ අරුමේ
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ

ඊයේ උදයේ
ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා

ඔය සුරත දරා සිටියා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Iye Udaye Song Lyrics - ඊයේ උදයේ ගීතයේ පද පෙළ Iye Udaye Song Lyrics - ඊයේ උදයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2021 Rating: 5

0 comments:

Post a Comment