හදවත (Heart)

හදවත (Heart) - Your Choice Way
😁✍️අප ජීවත් කරවන්නේ හදවත බව ඔබ කවුරුත් නොදන්නා කරුණක් නොවේ.එසේ නම් ඒ අපූර්ව හදවත ගැන විමසා බලමු.

❤️හදවත ප්‍රධාන වශයෙන් පිරී පවතින්නේ රුධිරයෙන් බව ඔබ කවුරුත් දන්නවා ඇති.හදවතේ පළමු ගැස්ම ඇති වන්නේ මවු කුසේදීයි.

🤔හෘදයේ ප්‍රමාණය

🧡ඔබගේ අත මිට මෙළවූ විට හදවත ඒ ප්‍රමාණය වෙනවා.හදවත කියන්නේ සම්පූර්ණයෙන්ම පේශි වලින් සමන්විත අවයවයක්.

🤔හදවතේ ශක්තිය

💛හදවත මිනිස් සිරුරෙන් ඉවත් කළත් ටික වේලාවක් ස්පන්දනය වනවා.හදවතට තමන් විසින්ම නිපදවාගත් විද්යුත් ශක්තියක් පවතිනවා.එයට හේතුව නිසියාකාර ඔක්සිජන් සැපයුමක් තිබීමයි.

🤔හෘදය අක්‍රීය වන්නේ කෙසේද?

💚අපේ ශරීරයට අවශ්‍ය රුධිරය සැපයීමට හෘදයට ඔක්සිජන් අවශ්‍ය වෙනවා.මේ අවශ්‍ය ඔක්සිජන් සිරුරට ලබා ගන්නේ ශ්වසන ක්‍රියාවලිය හරහා බව ඔබ දන්නවනේ.හෘදයට අවශ්‍ය රුධිරය සපයන්නේ කිරීටක ධමනි යනුවෙන් හදුන්වන කුඩා නහර 03 ක් මගින්.හෘදය හොදින් ක්‍රියාත්මක වීමට නම් මේ ධමනි ඔස්සේ කිසිම බාධාවක් නොමැතිව රුධිරය ගලා යා යුතුයි.එතකොට හෘදයාබාධයක් කියන්නේ මේ ආකාරයට කිරීටක ධමනියක් අවහිර වීමෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය අඩාල වීමයි.

🤔හෘදය අවහිර වීමට හේතුව

💙කිරීටක ධමනි අවහිර වීමට ප්‍රධානම හේතුව තමයි ඒවායේ කොලෙස්ටරෝල් තැන්පත් වීම.එහෙත් කොලෙස්ටරෝල් කියන්නේ අපේ ශරීරයට අත්‍යාවශ්‍යම මේද වර්ගයක්.අප ගන්නා ආහාර වලින් වගේම,අපේ ශරීරය මගිනුත් කොලෙස්ටරෝල් නිපදවෙන්න පුළුවන්.ඉතින් මේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වුණොත් ඒවා රුධිර නාළවල තැන්පත් වෙලා ඒ නාළ අවහිර වීමක් සිදුවනවා.

🤔හෘදය නිරෝගීව පවත්වා ගන්නට කළ යුතු දේවල් මොනවද?

🖤හිතකර ආහාර කන්න පුරුදු වෙන්න.
🤍තෙල් සහිත ආහාර අනුභවයෙන් වළකින්න.
🤎ලුණු සහ සීනි ආහාරයට ගැනීම පාලනය කරන්න.
💓ව්‍යායාම කරන්න

දැනුම්පාරාදීසය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි..
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හදවත (Heart) හදවත (Heart) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 12, 2021 Rating: 5

0 comments:

Post a Comment