Hath Patak Gawenna Song Lyrics - හත් පාටක් ගෑවෙන්නා ගීතයේ පද පෙළ

Hath Patak Gawenna Song Lyrics - හත් පාටක් ගෑවෙන්නා ගීතයේ පද පෙළ
Song Title : Hath Patak Gawenna (හත් පාටක් ගෑවෙන්නා)
ගායනය, සංගීතය : සුනිල් සාන්ත/ අයිවෝ ඩෙනිස්
ගී පද : අරිසෙන් අහුබුදු
සහය ගායනය : අමිතා වැදිසිංහ, නාලනී රණසිංහ


හත් පාටක් ගෑවෙන්නා
රන් සෑයක් නැංවෙන්නා
නන් පැහැයක් දිස්වන්නා
දේදුන්නක් පායන්නා

සුර අඟනන් වැසි බිඳු මල් අමුණා
දිය පීනාගෙන අඹර ගඟේ
අත්වැල් බැඳගෙන පොළොවට එන්නට
දැමූ මැණික් ඉණිමගකි හැඟේ

සුරඟනකගෙ මිණි තැල්ලයි
සෝබාදම් සැරසිල්ලයි
වැසි බිඳු මුතු ඕවිල්ලයි
නැලවෙන සුර ඔන්සිල්ලයි //

හත් පාටක් ගෑවෙන්නා
රන් සෑයක් නැංවෙන්නා
නන් පැහැයක් දිස්වන්නා
දේදුන්නක් පායන්නා

රුවන් ඉණක් මෙන් මිණි මෙයුලක් මෙන්
බබලන දේදුණු මඬල පෙනේ
සුන්දරියකගේ නැමි බැම උපමා
කල විට ඈ ඉන් උරණ වුණේ

සුරඟනකගෙ මිණි තැල්ලයි
සෝබාදම් සැරසිල්ලයි
වැසි බිඳු මුතු ඕවිල්ලයි
නැලවෙන සුර ඔන්සිල්ලයි //

හත් පාටක් ගෑවෙන්නා
රන් සෑයක් නැංවෙන්නා
නන් පැහැයක් දිස්වන්නා
දේදුන්නක් පායන්නා

ටික වේලාවක් මා නලවන්නට
කොහි සිටදෝ අහසට ආවේ
ගොඩ දිය මල්වල රන් ආකරවල
පාට රැගෙන කවුරුද ගෑවේ

සුරඟනකගෙ මිණි තැල්ලයි
සෝබාදම් සැරසිල්ලයි
වැසි බිඳු මුතු ඕවිල්ලයි
නැලවෙන සුර ඔන්සිල්ලයි //

හත් පාටක් ගෑවෙන්නා
රන් සෑයක් නැංවෙන්නා
නන් පැහැයක් දිස්වන්නා
දේදුන්නක් පායන්නා

සුර අඟනන් වැසි බිඳු මල් අමුණා
දිය පීනාගෙන අඹර ගඟේ
අත්වැල් බැඳගෙන පොළොවට එන්නට
දැමූ මැණික් ඉණිමගකි හැඟේ

සුරඟනකගෙ මිණි තැල්ලයි
සෝබාදම් සැරසිල්ලයි
වැසි බිඳු මුතු ඕවිල්ලයි
නැලවෙන සුර ඔන්සිල්ලයි ////


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hath Patak Gawenna Song Lyrics - හත් පාටක් ගෑවෙන්නා ගීතයේ පද පෙළ Hath Patak Gawenna Song Lyrics - හත් පාටක් ගෑවෙන්නා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2021 Rating: 5

0 comments:

Post a Comment