රසට ගස්ලබු තෙම්පරාදුව හදමු (Gaslabu Themparaduwa Hadamu)

රසට ගස්ලබු තෙම්පරාදුව හදමු (Gaslabu Themparaduwa Hadamu) - Your Choice Way
අද අපි කියලා දෙන්න යන්නෙ රසම රස ගස්ලබු තෙම්පරාදුවක් හදාගන්න විදිහ. මේකට මේ පොල් නම් උඩින් දාලා තියෙන්නෙ පොඩ්ඩක් ලස්සනට සරසාගන්න. බලන්නකෝ එහෙනම් මේ සීනි එහෙමත් දාලා හදන රසම රස ගස්ලබු තෙම්පරාදුව හදන්නේ කොහොමද කියලා..

✅ අවශ්‍ය දේවල් :

  • සාමාන්‍ය ප්‍රමාණයේ අමු ගස්ලබු හෝ යන්තමින් ඉදුණු ගස්ලබු ගෙඩි 1
  • හීනියට කපා ගත් අමු මිරිස් කරල් 1 - 2ක් පමණ
  • කරපිංචා
  • රම්පේ
  • තලා ගත් කුඩා ඉඟුරු කෑල්ලක්
  • තලා ගත් සුදුලූණු බික් 1 - 2ක්
  • සිහින්ව ලියා ගත් රට ලූණු ගෙඩි 1
  • ලුණු (රස අනුව)
  • කුඩා කුරුඳු පොත්තක්
  • සීනි ස්වල්පයක් (කැමති නම් පමණක්)
  • මිරිස් කුඩු ස්වල්පයක් (රස අනුව)
  • කහ කුඩු ස්වල්පයක්
  • අබ ඇට ස්වල්පයක්
  • තෙල් මේස හැදි 2 - 3ක් පමණ
  • කැමති නම් පමණක් තෙම්පරාදුව උඩින් ඉස ගැනීමට ඩෙසිකේටඩ් පොල් හරි කබලේ බැදගත් පොල් ස්වල්පයක් හරි ගන්න (පිලිගන්වනකොට සරසා ගන්න තමයි පොල් පොඩ්ඩක් උඩින් දා ගන්නෙ.)

✅සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම ගස්ලබු ගෙඩිය සෝදලා, පොතු ඇර ගෙන දෙකට කපා ගෙන හැන්දකින් ඇට අයින් කර ගන්න.
  2. පස්සේ ගස්ලබු ටික ග්‍රේට් කර ගෙන (හීනියට ගා ගෙන) ඒකටම මිරිස් කුඩුයි, කහ කුඩු දාලා අත ගා ගෙන පැත්තකින් තියා ගන්න.
  3. දැන් භාජනයක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා ඒකට තෙල් ටික දා ගන්න.
  4. තෙල් රත් වුණාට පස්සේ අබ ඇට ටිකයි, රම්පේ ටිකයි, කරපිංචා ටිකයි, කුරුඳු පොත්තයි දා ගෙන අබ පිපිරෙනකන් බැද ගන්න ඕනේ.
  5. ඊට පස්සේ ඒකටම ඉඟුරු, සුදුලූණු, රටලූණු සහ අමු මිරිස් දා ගෙන ලූණු ටිකක් මෘදු වෙනකන් බැදෙන්න දෙන්න.
  6. ඊළඟට ටිකක් ගින්දර අඩු කරලා ග්‍රේට් කරපු ගස්ලබු ටිකත් ඒකටම දාලා හොදට කලවම් කර ගෙන පියනකින් වහලා සැරින් සැරේ හැදි ගාන ගමන් තෙම්පරාදු කර ගන්න.
  7. අන්තිමට ගස්ලබු ටික තැම්බුනාට පස්සේ රස අනුව ලුණුයි, සීනියි දාලා මිශ්‍ර කරන් ලිපෙන් බා ගන්න.

✅ වැදගත් :

  • මිරිස් කුඩු වෙනුවට කෑලි මිරිස් වුණත් දා ගන්න පුළුවන්, කෑලි මිරිස් එකතු කරනවා නම් ලුණු එකතු කරන ගමන් අන්තිමට දා ගෙන හදා ගන්න.
  • කැමති නම් දෙහි යුෂ ටිකකුත් එකතු කරන්න පුළුවන්.
  • ඒ වගේම උම්බලකඩ කෑලි ටිකකුත් දා ගත්තොත් තවත් රසයි...
රසට ගස්ලබු තෙම්පරාදුව හදමු (Gaslabu Themparaduwa Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රසට ගස්ලබු තෙම්පරාදුව හදමු (Gaslabu Themparaduwa Hadamu) රසට ගස්ලබු තෙම්පරාදුව හදමු (Gaslabu Themparaduwa Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2021 Rating: 5

0 comments:

Post a Comment