Dark Web 😒 සහ Deep Web 🤔

Dark Web 😒 සහ Deep Web 🤔 - Your Choice Way
අපි උදේ නැගිට්ට වෙලාවේ ඉදන් රෑ නිදාගන්න වෙලාව වෙනකල්ම ෆෝන්, කම්පියුටර්ස් යූස් කරනවා, ඒත් මොනාද කරන්නේ කියලා ඇහුවොත් Internet එකේ. ඕක තමා හැමෝගෙම උත්තරේ වෙන්නේ.

නමුත් ඔයාලා දන්නවද අපි මේ TB ගනන් ඩේටා කපාගෙන Internet එක යූස් කරත් අපි යූස් කරන්නේ බොහොම සුලු ප්‍රමාණයක් කියලා, ඒ කියන්නේ ප්‍රතිශතයක් ලෙස කිවුවොත් 1%- 3% ත් අතර ප්‍රමාණයක්. දැන් ඉතින් හිතාගන්න බෑ නේද? එතකොට ඉතිරි 99%- 97% ට මොකද උනේ කියලා. සරලවම කිවුවොත් ඒ ඉතිරි 99%-97% තමයි Internet එකේ අපි නොදකින පැත්ත. එහෙමත් නැත්තම් Dark Web, Deep Web කියන්නෙත් ඒකටම තමයි.

ඉතිං අපිට සැරිසරන්න පුලුවන් Web එකට කියන නම තමා Surf Web = 1% – 3%ත් අතර ප්‍රමාණයක්. අනික් ඔක්කොම ටික අර මම කලින් කිවුව Dark Web, Deep Web පැත්ත තමයි. ඉතින් අපි මේ යූස් කරන Surf Web එකේ ආසන්න වශයෙන් Web Sites බිලියන 4+ තියෙනවා. ඉතිං හිතන්නකෝ මම අර කිවුව 1% – 3% ත් අතර බිලියන 4+ නම් 99% – 97% අතර කොච්චරනම් ඇතිද?

Deep-Web , Dark-Web

ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනා. හරි අවබෝදයක් නැතුව මේ Dark Web, Deep Web පැත්තෙනම් කරක් ගහන්න එපා. එහෙම කරනවා කියන්නේ තමන්ගේ වල තමන්ම කපා ගන්නවා වගේ වැඩක්. මම එහෙම කිවුවේ මොකුත් නිසා නෙවේ,  අපි වැඩ්ඩෝ නෙවේනේ. ඉතින් අපේ සුලු සුලු වැරදීම් වලින් අපේ IP Track කරන්න පුලුවන්. එතකොට ලංකාවේ පොලිසිය එන්නේ නෑ. කෙලින්ම ජාත්‍යන්තර පොලිසියයි එන්නේ.

මෙතන මම Dark Web හා Deep Web කියලා දෙකක් කතා කරානේ. ඉතින් ඒවා වලිනුත් විශාල මෙන්න මේ Deep Web එක. මොකද සාපේක්ෂව බලද්දි මේක Dark Web වලට වඩා විශාලයි.

🚫🚫🚫 Deep Web 

Deep Web කියන්නේ අපිට සාමන්‍ය Browser එකකින් (Firefox, Google Chorme, Opera Mini, UC Browser) බලන්න බැරි විදිහට දත්ත හංගලා තියෙන සයිබර් අවකාශයකට. නමුත් මේකේ නීති විරොධී දේවල් මෙන්ම නීත්‍යානුකූල දේවලුත් තියෙනවා. හැබැයි ඉතින් හොරෙන් රින්ගලා බලලා මාට්ටු උනොත් උස්සන් යන්නේ ඉන්ටපෝල් එකෙන්.

උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ, ලොකු කම්පැනි වල එයාලගේම Web Site එක අපි Normal Browser එකකින් බැලුවොත් අපිට පෙනෙන්නේ ඉතාම සුලු ප්‍රමාණයක්, 40% ක් වගේ. මොකද මේ 40% තියෙන්නේ Surf Web එකේ. ඉතින් කෝ ඉතිරි 60%? ඒක තියෙනවා, ඒවා රදවලා තියෙන්නේ Deep Web එකේ. ඉතින් මේවා වලට Access කරන්න පුලුවන් අවසරලත් උදවියට විතරයි. Company වල සියලුම රහස් (ආදායම් වාර්තා, ආදායම් ලබන ක්‍රම, කොටස් අයිති පුද්ගලයන්, බැංකු ගිනුම් විස්තර) වගේ රහස් දේවල් මෙන්න මේ Deep Web එකේ සගවලා තියෙනවා. ඉතින් බැරිවෙලාවත් කොහොමහරි ඔයා මේවා වලට Access කරෝතින් අර කලින් කිවුව ඉන්ටපෝල් එකේ අයියලා ගේමට එන්ටර් වෙලා ඒවි හම්බෙලා යන්න ඔයාව.
දැන් Deep Web කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. එතකොට මොකක්ද මේ Dark Web කියන්නේ?

🚫🚫🚫 Dark Web

මේක තමා භයානක පැත්ත. මොකද මම එහෙම කියන්නේ, මේ Dark Web එක වෙන් වෙලා තියෙන්නේ අසහන කාරයන්ට, කුඩ්ඩන්ට, මිණීමරුවන්ට, පිස්සු වගේම දරුණු මිනිස්සුන්ට, මනස විකෘති පුද්ගලයන්ට. දැන් තේරෙනවනේ මේකෙ තියෙන දරුණු කම. අනිත් කාරනාව Dark Web එකේ සාමන්‍ය පුද්ගලයන්ට ගිහින් ගන්න කිසිම දෙයක් නෑ. ඒ නිසා යන්නත් එපා. අනෙක් කාරනාව Dark Web එක Deep Web එකට වඩා ප්‍රමාණයෙන් කුඩා උනත් භයානක කමින් නම් සිය දහස් ගුණයක් විශාලයි.

අපි දැන් කතාකරමු එහෙනම් Dark Web එක ගැන

මේ තැන මීනී මස් එහෙමත් නැතිනම් මිනිස් මස් විකුණන්න අසහන කාරයින් භාවිතා කරන ස්ථානයක්. Dark Web එකේදී ඔයා මේ විදියේ ස්ටෝල් එකකට ඇතුළු උනොත් ඔයාට පුලුවන් ඒ ස්ටෝල් එකේ ඉන්න පණ සහිත තමන් කැමති මනුස්සයෙක්, තමන් කැමති ආකාරයට මරණ දර්ශණය සජිවීව නරඹන්න. ඒ වගේම තමන්ගේ ලිපිනයට ඒ මස් ගෙන්නා ගැනීමටත් පහසුකම් සපයනවා එයාලා. මේක අමුම දරුණුයි. ඒකයි ඒකකින් විස්තර කරන්න පටන් ගත්තේ. (Cannibalism)

කුලියට මිනී මරණ කණ්ඩායම් සහිත අඩවි. මේ තැනකට ඔයා ඇතුළත් උනොත් ඔයාට මේ කුලී ඝාතකයින්ගේ සේවාව ලබා ගැනීමට අවකාශය සැලසෙනවා. මෙයාලා අනිවා පට්ටම Expert ලා මේ සබ්ජෙක්ට් එකට. ලෝකේ අනික් කෙළවරට ඕඩර් එකක් දුන්නත් පිළිවෙලට අහුනොවෙන්න ගේමක් දෙන්න මෙයාලා ලැස්තීයි. ඔයාලාට අවශය නම් සජිවී දර්ශණ උනත් මෙයාලා පිළියෙල කරලා දෙන සයිස්. ඒ කිව්වේ හැකර්ලා, මිනීමරුවෝ ඔක්කෝම එකට සෙට් වෙලා තමයි මේ ගේම ගහන්නේ. (Hitmans)

රතු කාමර. මේවායේ අමුම අමු විකාර සහිත අසහන කාරයින්ට අමානුෂිය මිනිමැරීම්, දුෂණය කිරීම්, කැපීම් කෙටීම් සහිත විඩියෝස් එහෙම (පටිගත කරපු සහ සජිවී) බලා ගන්න අවස්ථාව සැලසෙනවා. ඇත්තටම මම පටන් ගද්දිම ඒකයි කිව්වේ දැන ගත්තට කමක් නෑ පැත්ත පලාතෙනම් යන්න එපා කියලා. (Red Room).

මෙත්, ඩ්‍රග්ස්, ගංජා වගේ නොයෙක් විරු නොඇසූ මත්ද්‍රව්‍ය ගන්නත් මේ Dark Web එකේ මාර්කට් තියෙනවා. නිකන් අපි Ebay, Amazon වගේ සයිට් වලින් Online බඩු ගන්නවා වගේ තමයි මේ Dark Web එකේ බඩු ගන්න තියෙන්නෙත්. හැබැයි සල්ලි ගෙවන විදිහ වෙනස්.

මම සමහර දේවල් ගැන කතා නොකර ඉන්නවා, මොකද Dark Web කියන්නේ කිසිසේත්ම සුදුසු දෙයක් නෙවෙයි.

ඔයාට මේ කිසිම වෙබ් සයිට් එකකට ලේසියෙන්නම් Access කරන්න බෑ. මොකද මේවා වලට හුගක් ලොකු Security System තියෙනවා. ඒවා ඔක්කොම Ok නම් විතරයි ඔයාට ඒවා Access කරන්න පුලුවන්.

තව දෙයක් මතක තියා ගන්න, මේ හැම තැනකදීම ඔයාට ගෙවලා තමයි සේවාවක් ලබා ගන්න වෙන්නේ. මේවායේ කිසිම දෙයක් Free නම් නැහැ. තව දෙයක්, ඔයාගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් ගහලා නම් මේවායේ සල්ලි ගෙවන්න බෑ. මේ තැන් වලදී ගණුදෙණු සිද්ධ වෙන්නේ බිට් කොයින්ස් (Bit Coins) වලින් විතරමයි. මොකද අනිත් හැම ගෙවීම් ක්‍රමයක්ම Track and Trace කරන්න පුළුවන්, නමුත් බිට් කොයින්ස් (Bit Coins) නම් ලොවෙත් ට්‍රැක් කරන්න බැහැ. ඒ නිසා අපරාධ ලෝකේ නිළ මුදල් මාධ්‍යය වෙන්නේ බිට් කොයින්ස් (Bit Coins) ම තමා.

හරි මම දැන් කියන්නම් ආසාවට හරි මේ Dark Web, Deep Web පැත්තේ කරක් ගහන්නේ කොහොමද කියලා. මේකට ඔයාට Tor Browser එක ඕනා කරනවා. මම කලින් ලිපියක මොකක්ද මේ Tor Browser එක කියලා හදුන්වලා දුන්නා. ඒ ලිපිය කියවලා බලලා Tor Browser කියන්නේ මොකක්ද කියලත් පොඩි අවබෝධයක් ගන්න. නැවතත් මම කියනවා, අනවශ්‍ය කරදර වල පැටලෙන්න එපා.

දිලා👌✍️😍❤😁
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dark Web 😒 සහ Deep Web 🤔 Dark Web 😒 සහ Deep Web 🤔 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2021 Rating: 5

0 comments:

Post a Comment