Yana Thanaka Inna Samada Song Lyrics - යන තැනක ඉන්න සෑමදා ගීතයේ පද පෙළ

Yana Thanaka Inna Samada Song Lyrics - යන තැනක ඉන්න සෑමදා ගීතයේ පද පෙළ
Song Title : Yana Thanaka Inna Samada (යන තැනක ඉන්න සෑමදා)
Singer : Mihindu Ariyaratne
Music by : Raj
Lyrics by : Sajith V Chathuranga


යන තැනක ඉන්න සෑමදා
සතුටින් ඔයා
මතු දිනෙක මා වගේ ඔබත්
රැවටෙන්නෙපා

ඔබෙන් ලද ආදරය මං
හිතේ සඟවාන හැමකල්
නැවත ඔබ හා
සසරෙ මතුදා
එක්වෙන්න දින ගනිනා
(දින ගනිනා)
මගෙ හිත සොයා
දවසක ඔයා
යළි එන්නෙ නෑ තරහා

ළඟින් ඔබ තියන්
මගේ පණ කියන්
එකට හිටිය දිනයේ
මගෙන් තොර ලොවක්
ඔබට ඇති බවක්
නැහැනේ හිතට දැනුනේ

යලිත් ඔබව හිමිනැතිනම්
මගේ සෙනෙහෙ අඩුනම්
නැවත ඔබ හා
සසරෙ මතුදා
එක්වෙන්න දින ගනිනා
මගෙ හිත සොයා
දවසක ඔයා
යළි එන්නෙ නෑ තරහා

කියන් මගේ හිතින්
තවත් කෙනෙකුගෙන්
පෙමක් පතා රහසේ
අලුත් සෙනෙහසින්
දුකක් ලැබුනොතින්
මවෙත එන්න පෙරසේ

පෙරුම් පිරුවෙ ඔබ හා මං
කූඩු වෙන්න හැමකල්
නැවත ඔබ හා
සසරෙ මතුදා
එක්වෙන්න දින ගනිනා
මගෙ හිත සොයා
දවසක ඔයා
යලි එන්නෙ නෑ තරහා

යන තැනක ඉන්න සෑමදා
සතුටින් ඔයා
මතු දිනෙක මා වගේ ඔබත්
රැවටෙන්නෙපා
ඔබෙන් ලද ආදරය මං
හිතේ සඟවාන හැමකල්

නැවත ඔබ හා
සසරෙ මතුදා
එක්වෙන්න දින ගනිනා
මගෙ හිත සොයා
දවසක ඔයා
යළි එන්නෙ නෑ තරහා

නැවත ඔබ හා
සසරෙ මතුදා
එක්වෙන්න දින ගනිනා
මගෙ හිත සොයා
දවසක ඔයා
යළි එන්නෙ නෑ තරහා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yana Thanaka Inna Samada Song Lyrics - යන තැනක ඉන්න සෑමදා ගීතයේ පද පෙළ Yana Thanaka Inna Samada Song Lyrics - යන තැනක ඉන්න සෑමදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2021 Rating: 5

0 comments:

Post a Comment