යාල වනයේ සොහොන්කොත සොයා.. 🌳⚰️⚰️ (Yala - Sudu Dadayakkaru)

යාල වනයේ සොහොන්කොත සොයා.. 🌳⚰️⚰️ (Yala - Sudu Dadayakkaru) - Your Choice Way
අද අපි කතා කරන්නේ සුදු දඩයක්කාරයෙක්ගේ සොහොනක් ගැන..

වන අලි දඩයමේ ගොස් වන අලියකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රීසි ජාතික පාලකයකුගේ සොහොනක් තමා මේක..

කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානය තුළ තමා මෙය පිහිටා තියෙන්නේ...

ජේ. පී. ඉරේෂන් නමැති මෙම සුදු ජාතිකයා ඉංග්‍රීසි පාලන සමයේදී ගල්ගේ ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර තිබෙනවා. 

ඒ කාලේ ඔහු දක්ෂ දඩයක්කාරයෙක් ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙනවා...

ඔහු වැඩි වශයෙන් කර තිබෙන්නෙ අලි ඇතුන් දඩයමටයි. මෙසේ ඔහු අතින් අලි ඇතුන් සිය ගණනක් වෙඩිකා මිය ගොස් තිබෙනවා කියලත් සදහන් වෙනවා...

දෛවයේ සරදමකට මෙන් අවසානයේදී අලියෙකුට වෙඩි තියන්න ගිහින් ඔහු ඒ අලියගෙන්ම මැරුම් කාලා තිබෙනවා.

ඉන්පසු ඔහුගේ මිතුරන් යාල වනයේ රමණීය ගල් තලාවක ඔහුගේ සොහොන් කොත ඉදිකරල තියෙනවා. 

එහි මෙසේ සදහන් වෙනවා. 

"ගල්ගේ ප්‍රදේශයේ නිර්මාතෘ හා බ්‍රිතාන්‍ය ජාතික ශූර දඩයක්කරුවකු වූ ජේ. පී. ඉරේෂන් මහතා සිහිවීම පිණිසයි. 

උපත 1877 අප්‍රේල් 03 දා. 

විපත 1923 නොවැම්බර් 12 දා. 

ඔහුගේ මිතුරන් විසින් මෙම සිහිටනය ඉදි කරන ලදී. ඔහු සාමදානයේ සැතපේවා."

මෙම සොහොන් කොත මුලින් අඩි 40 ක් විතර උසට තිබිලා තියෙනවා... 

නමුත් කලින් කලට හෙන වැදීම නිසා එය කැඩි යන්නට පටන් ගත්තා. 

දැනට මේ සොහෙන් කොතේ උස අඩි 20කට විතර අඩු කරලා. 

මේ පළාතේ ගම්වල මිනිස්සු කියන්නෙ සුද්දා අලි මරපු නිසා එම අලින්ගෙ ආත්මයන් මේ සොහොනෙනුත් පලි ගන්නවා කියලයි. 

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඇවිත් තමා මෙම සොහොන් කොත අලුත්වැඩියා කරන්නේ..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
යාල වනයේ සොහොන්කොත සොයා.. 🌳⚰️⚰️ (Yala - Sudu Dadayakkaru) - Your Choice Way

යාල වනයේ සොහොන්කොත සොයා.. 🌳⚰️⚰️ (Yala - Sudu Dadayakkaru) - Your Choice Way

යාල වනයේ සොහොන්කොත සොයා.. 🌳⚰️⚰️ (Yala - Sudu Dadayakkaru) - Your Choice Way

යාල වනයේ සොහොන්කොත සොයා.. 🌳⚰️⚰️ (Yala - Sudu Dadayakkaru) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
යාල වනයේ සොහොන්කොත සොයා.. 🌳⚰️⚰️ (Yala - Sudu Dadayakkaru) යාල වනයේ සොහොන්කොත සොයා.. 🌳⚰️⚰️ (Yala - Sudu Dadayakkaru) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 03, 2021 Rating: 5

0 comments:

Post a Comment