ගුදයට දුම් ගහලා ලෙඩ සුව කරා 😱🙄✍️ (පැරණි ප්‍රතිකාර ක්‍රමයක්)

ගුදයට දුම් ගහලා ලෙඩ සුව කරා 😱🙄✍️ (පැරණි ප්‍රෙතිකාර ක්‍රමයක්) - Your Choice Way
ඉස්සෙල්ලාම කියන්න ඔනෙ අපෙ උන්ගෙ කටෙ තියෙන පුංචි කුනුහරපයක ඉතිහාසයක් මේක.එ කුනුහරපෙ තමා දුකටපුම්ගහනවා.😕😹

ඔව් ඔව් අනික් පැත්ත කිව්වෙ ඉතිම් එකෙ ඉතිහාස කතාවක් අරං ආවෙ🙄✍️

ගුදමාර්ගයට දුම්ගැසීම ඉස්සර කාලයේ තිබුණ ප්‍රතිකාර ක්‍රමයක් කියල කිව්වොත් පිළිගන්නවාද ? 😕

දැන්නම් ඒක කියන්නෙ විහිළුවක් විදියටනෙ " දුකට පුං ගහනව " කියලත් අකුරු පටලවල කියන්නෙ ඒකනෙ. ඒත් මේ ගුදමාර්ගයට දුම් ගැසීම කියන්නෙ ඉස්සර කාලයේ මිනිස්සු දහස් ගණනකගේ ජීවිත බේරපු වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක්.ඔයාට හිතෙනවා ඇති මෙ මොන ප්‍රෙතිකාරයක්ද කියලා නෙ😹😹

18 වෙනි ශතවර්ශය වෙනකොටත් බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල්වල වතුරේ ගිලුන මිනිහෙක් ගොඩගත්තට පස්සෙ නැවත නැවත සිහිය ගන්න පුළුවන් ප්‍රථමාධාර ක්‍රමයක් දැනගෙන හිටියේ නැහැ. විශේශයෙන්ම තේම්ස් නදියේ ගිලෙන මිනිස්සු බේරගන්න ක්‍රමයක් හොයන්න වෛද්‍යවරු ගොඩාක් උත්සාහ කරා.මේ අතර 1774 වර්ෂයේදී වෛද්‍ය විලියම් හාව්ස් සහ තෝමස් කෝගන් දෙදෙනා ඒ කාලයේදී බ්‍රිතාන්‍යයේ පාලකයා වුණ තුන්වෙනි ජෝර්ජ් රජතුමාගේත් අනුග්‍රහය ඇතුව මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න පටන්ගත්තා. ඒ වුනෙවෙන් මොවුන් දෙදෙනා Royal Humane Society යන නමින් ආයතනයක් පටන්ගත්තා.

මේ කාලය වෙනකොට එන්ගලන්තයේ දුම්කොල පාවිච්චිය ටිකෙන් ටික ප්‍රසිද්ධ වෙමින් තිබුණා. දුම්කොල කුඩු හපහඔඅ ඉන්නත් දුම් පානය කිරීමත් මිනිස්සු අතර ප්‍රචලිතවෙලා තිබුණා. මේ දුම්වලින් ගොඩාක්ම ප්‍රයෝජන ගත්තේ ඇමරිකාවේ ආදිවාසීන් වුණ රතු ඉන්දියානුවෝ. ඔවුන්ගේ ප්‍රථිකාර ක්‍රම ගොඩකටම දුම භාවිත කෙරුවා. මේ ගැන අවදානය කෙරුව විලියම් සහ තෝමස් දුම් ප්‍රථිකාරය දියේ ගිලුන මනුස්සයෙකුට සිහිය ගන්නට පාවිච්චි කරන්න පුළුවන්ද බලන්නට තීරණය කෙරුවා. ඒ අනුව දවසක් තේම්ස් ගඟේ ගිලිල ගොඩ ගත්තු මනුස්සයෙක්ට සිහිය ගැනීම සඳහා ඔහුගේ ගුදමාර්ගයට දිම ඇතුල් කරලා බැලුවා. කටට පුරවගත්තු දුම බටයක් පාවිච්චි කරල ගුදමාර්ගය ඇතුලට දුම් පිඹින එක තමයි මෙහිදී කෙරුවේ. කවුරුත් පුදුම කරවමින් සිහිසුන්ව හිටිය පුද්ගලයට මේ දුම් පිඹීම නිසා සිහිය ආවා. 

දුම්පිඹීම නිසා සිහිය ඒමට ශරීරය ඇතුලේ සිද්ධ වුණ ක්‍රියාවලිය ගැන කිසිම අවබෝධයක් නැති වුණත් එතැන් පටන් දියේ ගිළුන මිනිස්සුන්ට නැවත සිහිය ගන්න ගුදමාර්ගයට දුම්ගැසීම ප්‍රධානම ප්‍රතමාදාර ක්‍රමය ලෙස සිදු කෙරුවා. විශේශයෙන්ම තේම්ස් නදිය පුරාම මෙම දුම් පිඹීමේ ප්‍රතිකාරයට අවශ්‍ය ද්‍රවය සහ පුහුණු දුම් පිඹින්නන් සහිත මධ්‍යස්ථාන ඉදිකිරීමට රජය පියවර ගත්තා.

ඇත්තටම මෙහිදී සිදුවෙලා තිබුණේ මෙන්න මේකයි. ගුද මාර්ගයෙන් අවශෝශනය ක්‍රගන්නා දේවල් අක්මාව හරහා නොගොස් කෙලින්ම හර්දයට යෑමේ හැකියාව වැඩී. ඉතින් මේ දුවල අඩංගු නිකොටින් කෙලින්ම හර්දය වෙත ගමන් කරලා හර්දයේ පේශි සංකෝචනය කරනව. සරලවම කියනවනම් හදවතේ පේශි හැකිලීමක් කරනවා. මේ හැකිලීම මඟින් හදගැස්මක් සිද්ද වෙන නිසා නැවත හදවතේ ක්‍රියාකාරීත්වය සිදුවෙලා ශරීරය පුරා රුධිරය ගමන් කිරීමට පටන්ගන්නවා.ඒ වගේම ස්නායුවලටත් උත්තේජනයක් ලැබීම සිදු වෙනවා. මේ දේවල් නිසා තමයි දියේ ගිලිලා සිහිසුන් වුණ අයට නැවත සිහිය ආවේ.

නමුත් මෙම ක්‍රියාවලිය පිළිබඳව කිසිම දැනුමක් ඔවුනට තිබුණේ නැහැ. ඒ නිසා ඔහුන් කෙරුවේ අහම්බයෙන් සොයාගත්ත මේ වෛද්‍ය ක්‍රමය හැම ලෙඩටම පාවිච්චි කරලා බලපු එක. උණට, කැස්සට, හෙම්බිරිස්සාවට, ඔලුවෙ කැක්කුමට වගේ හැම ලෙඩකටම ගුදමාර්ගයට දුම්ගැසීම සිදුක්‍රන්නට වුණා. කොලරාව පාචනය වගේ ලෙඩවලටත් මේ දුම් ගැසීමේ ක්‍රමය පාවිච්චි කිරීම නිසා රෝගීන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වී තිබෙණවා.

ක්‍රි.ව. 1811 දී බෙන් බ්‍රෝඩි වෛද්‍යවරයා පෙන්වාදුන්නා නිකොටින් ප්‍රතිකාරය නිසා ඇතිවෙන අතුරු ආබාද පිළිබඳව. ඊටපස්සෙ තමයි මේ ප්‍රතිකාර ක්‍රමය ටිකෙන් ටික නැවතුනේ. අද වෙනවිට මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම නැවතී තිබෙනවා. ඒත් අදටත්, යම්කිසි කෙනෙක් තමා ගැන අහන්නට ආසා පම්පෝරි කියමින් ඔහුව හෝ ඇයව මුරුන්ගා අත්තේ තැබීමට කියන්නෙ පුකටදුම්ගහනවා කියලයි.ඔන්න ඔකයි අපි විහිලුවට කියන ගොඩක් එවගෙ ඉතිහාසය උනෙ.

ඉතිම් තවත් ලිපියකින් හම්බෙනකම් යනො😌😕❤️දිලා😉⛔❤️✍️✍️✍️
ගුදයට දුම් ගහලා ලෙඩ සුව කරා 😱🙄✍️ (පැරණි ප්‍රෙතිකාර ක්‍රමයක්) - Your Choice Way

ගුදයට දුම් ගහලා ලෙඩ සුව කරා 😱🙄✍️ (පැරණි ප්‍රෙතිකාර ක්‍රමයක්) - Your Choice Way

ගුදයට දුම් ගහලා ලෙඩ සුව කරා 😱🙄✍️ (පැරණි ප්‍රෙතිකාර ක්‍රමයක්) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගුදයට දුම් ගහලා ලෙඩ සුව කරා 😱🙄✍️ (පැරණි ප්‍රතිකාර ක්‍රමයක්) ගුදයට දුම් ගහලා ලෙඩ සුව කරා 😱🙄✍️ (පැරණි ප්‍රතිකාර ක්‍රමයක්) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 12, 2021 Rating: 5

0 comments:

Post a Comment