වැව් මාලු හොද්දක් රසට හදමු ( Waw Malu Hodda Hadamu )

වැව් මාලු හොද්දක් රසට හදමු ( Waw Malu Hodda Hadamu ) - Your Choice Way
වැව් මාලු හොදි හැදුවාට රසට එන්නේ නෑ කියල ගොඩක් අය කියන නිසා අද අපි රසට වැව් මාලු හොද්දක් හදන හැටි කියන්න යන්නෙ.

✅ අවශ්‍ය ද්‍රව්‍ය:

  • වැව් මාළු ග්‍රෑම් 500 යි
  • ලොකු ළූණු ගෙඩි 3 යි
  • මුරුංගා කොළ
  • අමු මිරිස් කරල් 5 යි
  • ලුණූ ස්වල්පයක්
  • ගම්මිරිස් ස්වල්පයක්
  • කෑලි මිරිස් ස්වල්පයක්
  • සුදු ළූණූ බික් 6-7ක්
  • තක්කාලි ගෙඩි 1 යි
  • කහ ස්වල්පයක්
  • කරපිංචා, සේර, රම්පෙ, කුරුඳු, ස්වල්පය බැගින්

✅ සාදන ක්‍රමය:

  1. වැව් මාළු හම ගලවා කටු වලින් බේරා ගන්න.
  2. ළූණූ, අමු මිරිස්, රම්පෙ, කරපිංචා,යනාදිය සිහින්ව ලියා තෙලෙන් බැදගන්න, එයට තරමක් ලොකුවට කපා ගත් සුදුළූණූ එකතු කරන්න.
  3. කැබලි කපා ගත් තක්කාලිද එකතු කරන්න. කහ, කෑලි මිරිස්, ගම්මිරිස්, ලුණූ පමනට එකතු කොට කලවම් කරන්න මේ සියල්ල යන්තම් බැදීගෙන එනවිට හම,කටු ඉවත් කර සූදානම් කරගත් වැව්මාළු දමා තවත් ටික වේලාවක් බැදගන්න.
  4. එයට මුරුංගා කොළ ටිකද එකතු කොට මාළු තැම්බී ඇතිනම් ලුණු බලා ලිපෙන් බා ගන්න.

✅ වැදගත්

ඔබට මුරුංගා කොළ වෙනුවට කංකුන්ද යොදා ගත හැක.
මාළු නිතර හැදි ගාන්න එපා. හැදිගෑමෙන් මාළු කුඩා කුඩා කැබලි වලට කැඩී යයි. එම නිසා වලඳ සොලවමින් කලවම් කර ගන්න.
වැව් මාලු හොද්දක් රසට හදමු ( Waw Malu Hodda Hadamu ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වැව් මාලු හොද්දක් රසට හදමු ( Waw Malu Hodda Hadamu ) වැව් මාලු හොද්දක් රසට හදමු ( Waw Malu Hodda Hadamu ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2021 Rating: 5

0 comments:

Post a Comment