Wassanayata Song Lyrics - වස්සානයට ගීතයේ පද පෙළ

Wassanayata Song Lyrics - වස්සානයට ගීතයේ පද පෙළ
Song Title : Wassanayata (වස්සානයට)
Singing : Umara Sinhawansa (උමාරා සින්හවංස මහත්මිය)

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී
ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
සංසාරයම මම නුඹ කීමි
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

වැට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගෙම වී
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරන්
මං ආවොත්ද නුඹ මට හිමි

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wassanayata Song Lyrics - වස්සානයට ගීතයේ පද පෙළ Wassanayata Song Lyrics - වස්සානයට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 08, 2021 Rating: 5

0 comments:

Post a Comment