Ussangoda Kandu Mudunata Song Lyrics - උස්‌සංගොඩ කඳු මුදුනට ගීතයේ පද පෙළ

Ussangoda Kandu Mudunata Song Lyrics - උස්‌සංගොඩ කඳු මුදුනට ගීතයේ පද පෙළ
Song Title : Ussangoda Kandu Mudunata (උස්‌සංගොඩ කඳු මුදුනට)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


උස්‌සංගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන
සන්ධ්‍යාවේ සුලඟත් මට නොදෙයි සැනසුම
සිත්තම් කර සිත ලඟ සුන්දර පෙම් සිහින
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම

නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගම රට
මගේ පුංචි කුමාරියගෙ මූණ දකින්න
හදාගන්න බැරි තරමට බිඳුනේ මගේ සිත
ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක

උස්‌සංගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන
සන්ධ්‍යාවේ සුලඟත් මට නොදෙයි සැනසුම
සිත්තම් කර සිත ලඟ සුන්දර පෙම් සිහින
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම

එදා තුරුලු වී මට දුන් මධු මල් සුවඳ
සදා සිහි කරයි වැටකේ ගහ යට හෙවණ
කඩා හැලෙන කඳුලැලි මුසුවෙලා සයුරට
සදාතනික පැතුමන් ඉහිලුවා හදවත

උස්‌සංගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන
සන්ධ්‍යාවේ සුලඟත් මට නොදෙයි සැනසුම
සිත්තම් කර සිත ලඟ සුන්දර පෙම් සිහින
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ussangoda Kandu Mudunata Song Lyrics - උස්‌සංගොඩ කඳු මුදුනට ගීතයේ පද පෙළ Ussangoda Kandu Mudunata Song Lyrics - උස්‌සංගොඩ කඳු මුදුනට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2021 Rating: 5

0 comments:

Post a Comment