Upul Nuwan Nuwan Song Lyrics - උපුල් නුවන් විදහා ගීතයේ පද පෙළ

Upul Nuwan Nuwan Song Lyrics - උපුල් නුවන් විදහා ගීතයේ පද පෙළ
Song Title : Upul Nuwan Nuwan (උපුල් නුවන් විදහා)
Singing : Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි මහත්මා)

උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා ලඳකි වාසනා
නම මෝනාලිසා

හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි

උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා ලඳකි වාසනා
නම මෝනාලිසා

ගිමන් නිවායන ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඈ හිරිපොද හැඟුම් මවාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු ඇයමයි නිසල කළේ මා හද ජාලා

උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා ලඳකි වාසනා
නම මෝනාලිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Upul Nuwan Nuwan Song Lyrics - උපුල් නුවන් විදහා ගීතයේ පද පෙළ Upul Nuwan Nuwan Song Lyrics - උපුල් නුවන් විදහා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment