Theweni Manaya Song Lyrics - තෙවෙනි මානය ගීතයේ පද පෙළ

Theweni Manaya Song Lyrics - තෙවෙනි මානය ගීතයේ පද පෙළ
Song Title : Theweni Manaya (තෙවෙනි මානය)
Music video by Ayeshmantha, OOSeven & Zany Inzane © 2021 A23 Records 
A film by - Gaishu G
Produced by  - Ayeshmantha
Lyrics & Vocals - OOSeven   x  @Zany Inzane​ 


ඇවිදින්නේ තනියම
නැහැ මට තදියම
ඇවිල්ල නැහැ බං
අපි සෙල්ලමේ අනුන්ගේ පාරේ

මනින්නෙපා හැමදේම පිටින් අපරාදේ
වෙන්නම රහට ඇති ඇතුලෙන්හරි

කිරි පෙව්වේ දැනගෙන සර්පයන්ට
අපිට කෙලින්න ආවොත්
කෙලින්ම කඩන්නේ දලේ

අමාරුවෙන් ගොඩගත්තා
හෙල රැප් නැව
ඇස්පනාපිට ඩෝ බොලා තමයි
සිදුරු කලේ

වටින්නේම හිත නිස්කලංක
හිත මතුවෙන අදහස ඉස්තරම්ම
අපි කැමතිම නිදහසේ හුස්ම ගන්න
අඩෝ පිස්සුද වාසනාව මිස් කරන්න

මචං මලමිනි කාරනාව හිස් කරන්න
ඊට පස්සේ උඹේ හීනෙ හැබෑ කරගන්න ඕනෙ විදි
සැතපෙන්න සැනසීමෙන්
මැරෙන්න කලින් තියපං නම
අල්ලන්න හිතන්න බැරි


කොටු කලේ සල්ලී රාමුව දෝ
ගලනවා තොටියට පාරුව කෝ
වෙන් කලේ අපි කාලය දෝ
අඩෝ පොඩි කාලේ ලග හිටි
යාලුවෝ කෝ

අනදෙන්නේ මට මාරයා දෝ
වින්දේ වස විස මෙහි අවසානය කෝ
අපේ ජීවිතේ සිතාරය දෝ
අපි වයනවා හැබැයි මේකේ තාලය කෝ

කඩන්නේ ප්‍රශ්න නියපොත්තෙන්
මොකටද අතට ගන්නේ නිකන් පොරව
හිටගනින් බය නැතුව මගේ පැත්තෙන්
වරදින්න දෙන්නෙ නෑ මම කවදාවත් උබට

ඇවිදින්නේ අවදානෙන්
තිරිසන්නු මැද්දෙන්
මෝහනය උනේ නෑ මං වැද්දන්ගේ බනට


අන්ධකාර හෙවනැල්ල මගේ පිටිපස්සෙන්
මගේ මේ ආදරේ ලෙන්ගතු බවට

අපි තනියම ගමනක පාර හදන්
කට පාඩම් උබලට දීපු වදන්
අපි පිලිවෙලකට ආවේ ගලන්
නුඹ අහස ගැන කිව්වේ පොළව බලන්

ගියේ නෑ මග නතරකරන්
මේ හීන මැරෙන්නේ අපිව මරන්
මේක තමයි හොදම ගැලපීම
යන්නේ නෑ මේ බැදීම කඩන්

අපි තනියම ගමනක පාර හදන්
කට පාඩම් උබලට දීපු වදන්
අපි පිලිවෙලකට ආවේ ගලන්
නුඹ අහස ගැන කිව්වේ පොළව බලන්

ගියේ නෑ මග නතරකරන්
මේ හීන මැරෙන්නේ අපිව මරන්
මේක තමයි හොදම ගැලපීම
යන්නේ නෑ මේ බැදීම කඩන්

මගේ කටහඩ මුසුවෙන්නේ මද පවනට
ගෝශාව කන් රිදෙන තරමට ඇසේ
පසුතැව්ලි තොර මරණ පතන්නේ නිතර
අවසන් ගමනට මගේ

මං වැටුනා කබලෙන් ලිපට
ලැබුන හැමදේම නැති උනා
කරුමෙටම වගේ

පතන්නේ හැම දවස සුබ වෙන්න කියලා
කාටද ඇහෙන්නේ කටහඩ මගේ
ජීවිත රග මඩලේ බිදුනු කැඩපත
අපි කැමති අය අපිව දාලා යනවා

වෙන් වෙන්න වෙනවා
අකමැත්තෙන් පිලි ගන්න වෙනවා

හද මැද්දෙන්
බලාපොරොත්තු බ්දෙන තැන නැවත ඉපදීම
තනියම කලුවරේ කෑ ගහලා කිව්ව
කැමතිම සිංදුව සද්දෙන්

දුකට ලිව්වා සිංදු
කැඩුනම පොරොන්දු

මතන පොත පිරෙව්වා
කදුලු වලින්ම
කවදද ලැබෙන්නේ
නිදහස මං

හිරවෙලා මේක හිත සතුටෙන් රැන්දූ
සිනහව කැන්දූ
ඉපදීම දුකක් බව වැටහුනා

දැන් අපි මොනා කරන්නද
පැටලිලා ඉවරයි දැලට
අපි දුකට බැන්දූ

කවුද වැලදගත්තේ මාව
අපි ගින්නේ තාම
කළු සුදු සිනමාව
මේ ඇස් දකින්නේ තාම
පිලිගන්නේ කෝම
ඉවසන්නේ බෝම
රෑ වැටුන වලේ
දවාලේ වැටෙන්නේ තාම

අපි තනියම ගමනක පාර හදන්
කට පාඩම් උබලට දීපු වදන්
අපි පිලිවෙලකට ආවේ ගලන්
නුඹ අහස ගැන කිව්වේ පොළව බලන්

ගියේ නෑ මග නතරකරන්
මේ හීන මැරෙන්නේ අපිව මරන්
මේක තමයි හොදම ගැලපීම
යන්නේ නෑ මේ බැදීම කඩන්

අපි තනියම ගමනක පාර හදන්
කට පාඩම් උබලට දීපු වදන්
අපි පිලිවෙලකට ආවේ ගලන්
නුඹ අහස ගැන කිව්වේ පොළව බලන්

ගියේ නෑ මග නතරකරන්
මේ හීන මැරෙන්නේ අපිව මරන්
මේක තමයි හොදම ගැලපීම
යන්නේ නෑ මේ බැදීම කඩන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Theweni Manaya Song Lyrics - තෙවෙනි මානය ගීතයේ පද පෙළ Theweni Manaya Song Lyrics - තෙවෙනි මානය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2021 Rating: 5

0 comments:

Post a Comment