Husmak Pawa Danena Song Lyrics - හුස්මක් පවා දැනෙන ගීතයේ පද පෙළ

Husmak Pawa Danena Song Lyrics - හුස්මක් පවා දැනෙන ගීතයේ පද පෙළ
Song Title : Husmak Pawa Danena (හුස්මක් පවා දැනෙන)
Singing : Sanka Dineth (සංඛ දිනෙත් මහත්මා)

හුස්මක් පවා දැනෙන මේ රාත්රියේ
කොඳුරා කියාදෙන්න මට ආදරේ
දුල් නෙත් විදාලා රහසින් බලාලා
ඉමු ළං වෙලා මේ රෑ පුරා

පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ
මුමුණා කියා දෙන්න මට ආදරේ
දෙහදක් බැඳීලා සුසුමින් තෙමීලා
පෙම විඳිනවා රතු ලේ පවා

අඳුරේ පවා පේන තරු නෙත් දිහා
නොසැලී බලා ඉන්න හිතුනා සදා

හැඟුමන් වෙලී උන්නු සුසුමන් පවා
තුරුලේ තියාගනිමි මගේමයි කියා

ඔබේ ආදරෙන් මගේ ජීවිතේ
මුසපත් වෙලා කඳුලක් වුනා

හුස්මක් පවා දැනෙන මේ රාත්රියේ
කොඳුරා කියාදෙන්න මට ආදරේ
දුල් නෙත් විදාලා රහසින් බලාලා
ඉමු ළං වෙලා මේ රෑ පුරා

පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ
මුමුණා කියා දෙන්න මට ආදරේ
දෙහදක් බැඳීලා සුසුමින් තෙමීලා
පෙම විඳිනවා රතු ලේ පවා

හසකැන් මවා ඉන්න කෙහෙරැල් ලිහා
නුඹටයි මගේ හීන දෙන්නේ ලියා

පපුවේ නිදා උන්න මොහොතක් පවා
දැනුනා ළයේ ගැඹුරු සනසා තියා

මේ ආත්මයෙත් මතු ආත්මයෙත්
ඉමු ළං වෙලා මියෙනා තුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Husmak Pawa Danena Song Lyrics - හුස්මක් පවා දැනෙන ගීතයේ පද පෙළ Husmak Pawa Danena Song Lyrics - හුස්මක් පවා දැනෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2021 Rating: 5

0 comments:

Post a Comment