Sabande Song Lyrics - සබඳේ ගීතයේ පද පෙළ

Sabande Song Lyrics - සබඳේ ගීතයේ පද පෙළ
Song Title : Sabande (සබඳේ)
Vocals: Umara Sinhawansa, Dumal Warnakulasooriya
Lyrics: Nilar N.Cassim
Composition and Arrangements: Shyamalangan

සබඳේ නොසිතු සේ උන්මාදවී මෙලෙසේ
සොඳුරේ නොසිතු සේ ශ්‍රුන්ඝාර වේ රැය මේ
පෙරදා මසිතේ පාට තැවරූ ඔබද මේ
මිහිරේ හිත කැළඹේ හීන අතරේ විසිරිලා

අනුරා සුපෙම් ගී සුළගේ ඇසේවා තරිඳා සළු උනාලු මේ රෑ
නොදවා නුරාවෙන් රැය දැන් ගෙවේවා සුව වී සිත නිවේවා සීතේ
සේපාලිකා යායේ සුවඳට මා යාවේ මේ සීත මායාවේ උණුහුම නෑ කාගේ
සඳ එළියේ මා දැවේ

මධු රෑ මහෝගේ අද නෑ උදාවී සබඳේ ඇයි මුළාවී මේ රෑ
පිබිදී ප්‍රමෝදේ දෙසිතක් බැඳේවා තුරුළේ රැය ගෙවේවා පෑහී
තාරුණ්‍ය මායාවේ හීනෙන්ද රෑ පානේ
සෝ තාප සංකාවේ ගිලෙමුද රෑ යාමේ
නිදි නැති රෑ මා දැවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sabande Song Lyrics - සබඳේ ගීතයේ පද පෙළ Sabande Song Lyrics - සබඳේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 07, 2021 Rating: 5

0 comments:

Post a Comment