Ranaviru Pranamaya Song Lyrics - රණවිරු ප්‍රණාමය ගීතයේ පද පෙළ

Ranaviru Pranamaya Song Lyrics - රණවිරු ප්‍රණාමය ගීතයේ පද පෙළ
Song Title : Ranaviru Pranamaya (රණවිරු ප්‍රණාමය)
ගායනය : උමාරා සිංහවංශ
පද රචනය සහ තනු නිර්මානය- අයේෂා සිංහවන්ස
සංගිත මුල් නිර්මාණය : ටෝනි සිංහවංශ සහ අයේෂා සිංහවංශ 
නව සංගීත අධ්‍යක්ෂණය: චමිත කුරේ @sarigama music
සංගීත සංයෝජනය : මහේශ් කන්කනිගෙ 

කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ
කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ
පෙම්වතියන් ඇති දුදරුවන් ඇති-මවුපිය බිරිඳන් දිගුකල් දැක නැති
කොහේදෝ ඔබ තනින්දෝ – කොහේදෝ

අප නොම විදිනා දුක් ගැහැටය ඔබ
අප නොම දකිනා ලේ කදුලය ඔබ
මොහොතක දිලෙනා මිණි පහනය ඔබ
මොහොතින් නිවෙනා ගිනි දැල්ලය ඔබ
යුධබිය මරබිය මටමෙන් ඔබටත්
නැතිදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ

නිදි ආවර්ජිත විඩා දෙනෙත ඔබ
රට දැය රකිනා අප සම්පත ඔබ
කුරිරු ලොවේ අති උතුමන් වේ ඔබ
සාමයේ නාමෙන් දිවිපුදනා ඔබ
සතුරන් පරදන නිදහසේ ධාතම
ලගදෝ-කොහෙහෝ ඔබ තනින්දෝ

විරභවේ නිසි සංකේතය ඔබ
අප රකිනා මහ මිනිස් බලය ඔබ
රතු පලසක් මත පා වඩනා ඔබ
සදා සුවෙන් සැරදේ රණවිරු ඔබ
යුධබිම වියරුය සැරදේවා ඔබ
රණවිරුවරුනේ මගේ ප්‍රණාමය.

කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ
කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ
පෙම්වතියන් ඇති දුදරුවන් ඇති-මවුපිය බිරිඳන් දිගුකල් දැක නැති
කොහේදෝ ඔබ තනින්දෝ – කොහේදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ranaviru Pranamaya Song Lyrics - රණවිරු ප්‍රණාමය ගීතයේ පද පෙළ Ranaviru Pranamaya Song Lyrics - රණවිරු ප්‍රණාමය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 07, 2021 Rating: 5

0 comments:

Post a Comment