Pethi Gomara Song Lyrics - පෙති ගෝමර ගීතයේ පද පෙළ

Pethi Gomara Song Lyrics - පෙති ගෝමර ගීතයේ පද පෙළ
Song Title : Pethi Gomara (පෙති ගෝමර)
Voice , Melody & Music by Chamara Fernando
Lyrics by Nethmi Pathirana
lyric video by Sathis Fernando

පෙති ගෝමර පිපි ළමැදට
සැලෙන ලෙලෙන නාරි ගතට
නැමුණු සලෙල පිරිමි හිතක නෑ සැබෑ සෙනේ
හඳුන් සුවඳ ගල්වාගෙන නුඹේ අතින් පිදූ පහන
නුඹම නිවා යන්න ගියේ ඇයිද මා ලඳේ

මා හදේ ගැබේ පුදසුන
ප්‍රේමයෙන් සුගන්ධිත කර
ඔබේ පෙම් කුසුම ඒ මත පිබිදුවා එදා
සිනිඳු මුදු බඳින් පහලට
ගලා හැලුණු මකරන්දය
පිරුණු කුසුම අද වෙනතක
වල්මත්ව ගියා

සුවෙන් හිස තැබූ මුදු ලය
පොට්ටු පිපුණු යහන් තලය
නොමැති පාලු සයනය මත මතක පාරනා
නලවන්නට තාල නොදැන
කිරි කඳුළට හඬා වැටෙන
නුඹෙයි මගෙයි ලේ ධාතුව
සිඹිමි රෑ පුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pethi Gomara Song Lyrics - පෙති ගෝමර ගීතයේ පද පෙළ Pethi Gomara Song Lyrics - පෙති ගෝමර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 08, 2021 Rating: 5

0 comments:

Post a Comment