මුං කැරලි (මුං කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Mun Kalari [ Mun Kawum ] Hadamu - Sinhala Awurudu Kama )

මුං කැරලි (මුං කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Mun Kalari [ Mun Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය:

  • බැදගත් හාල්පිටි කිලෝ 2
  • බැදගත් මුංපිටි කිලෝ 1 1/2
  • සීනි කිලෝ 2.250
  • ලුණු ස්වල්පයක් 
  • එනසාල් ඇට 10 ක්

බැටර් එක සඳහා
  • හාල් පිටි ග්‍රෑම් 400 ( බැදපු නැති)
  • කහ ස්වල්පයක්
  • තෙල් (බැදගැනීමට අවශ්‍ය පමණ)

✅ සාදන ආකාරය:

  1. මේ ටික ඉස්සෙල්ලාම කියන්න ඕන.මුං ඇට හොඳට සෝදා ගරා වේලා ගන්න.පසුව හොඳට කබලක බැද ගන්න රන්වන් පාටට එනකන් නමුත් කරගන්න එපා.ඊට පසු නිවුනාට පසු කොටා ගන්න.පිටි වෙනකල් කුඩු කරන්න එපා.ලාවට කෑලි හිටින්න කුඩු කර ගන්න.
  2. පසුව බඳුනක් ගෙන එයට සීනි සහ ගානට වතු දමා ලිප තබන්න.(පැණි තියේනම් පැණි ගන්න)
  3. පැණි උණු වූ පසු (පත්පැණි එයින් ටිකක් ඉවත් කර තබාගන්න. එසේ ඉවත් කර ගන්නේ මුං පිටි එකතු කරන විට පැණි වැඩි වීමට හැකි නිසා)
  4. මේ ආකාරයට පැණි තාච්චියට පිටි දමා ලුණු එකතුකර ලිප තබා හොදින් මිශ‍්‍ර කරන්න. මෙම මිශ‍්‍රණය අතේ ඇලෙන නොඇලෙන ප‍්‍රමාණයට සාදාගන්න. ඉන්පසුව මිශ‍්‍රණය තුනීකර ගන්න. ලෑල්ලෙ පොල් තෙල් ටිකක් ගාන්න.ඊට පස්සෙ අළුව හැඩේට කපා ගන්න.(මාතර අපි නම් බෝතල් පියනක් තියල හැඩේට කපනව)
  5. දැන් වෙනත් බදුනක් ගෙන එයට හාල් පිටි, කහ දමා එකට මිශ‍්‍ර කරගන්න. මෙය තරමක් දියරුවට සාදා ගන්න.ඕන නම් බිත්තරයක් එකතු කරන්න.
  6. පසුව කැබලිවලට කපාගත් ඒවා මිශ‍්‍රණයේ දමා තෙල් රත්වූ පසු තෙලට දමන්න. මෙය බැදෙමින් පිපීගෙන එන විට එහි මුං කැවුම් ටිකක් පැත්තට කර අනිත් කැවුම් දමා බදින්න. එවිට මුං කැවුම් එකට නොඇලේ. මෙහි දී ලිපෙන් බා ගැනීම පහසුයි.
  7. කළු කැබලි හැදෙන හැදෙන සැරේට අයින් කරන්න.
🔴 මම මේ කඨින පින්කමකට හැදුවෙ.ඔයලා කැමති ප්‍රමාණයට ගානට අමු ද්‍රව්‍ය හදා ගන්න.

ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල හැමෝටම වාසනාවේ සුවහසක් මල් පිපේවා කියල ප්‍රාර්ථනා කරනවා! උතුම් තෙරුවන් සරණයි ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
මුං කැරලි (මුං කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Mun Kalari [ Mun Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way

මුං කැරලි (මුං කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Mun Kalari [ Mun Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way

මුං කැරලි (මුං කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Mun Kalari [ Mun Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way

මුං කැරලි (මුං කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Mun Kalari [ Mun Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way

මුං කැරලි (මුං කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Mun Kalari [ Mun Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way

මුං කැරලි (මුං කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Mun Kalari [ Mun Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way

මුං කැරලි (මුං කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Mun Kalari [ Mun Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way

මුං කැරලි (මුං කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Mun Kalari [ Mun Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මුං කැරලි (මුං කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Mun Kalari [ Mun Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) මුං කැරලි (මුං කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Mun Kalari [ Mun Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 15, 2021 Rating: 5

0 comments:

Post a Comment