Song Title : Kese Kiyannada (කෙසේ කියන්නද)
Singing : Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි මහත්මා)
කෙසේ කියන්නද ඔබ මා අතහැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා
කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා
කෙසේ කියන්නද ඔබ මා අතහැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා
සෙනෙහස බිඳුනද මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දා
මවිසින් ඔබ අත්හලෙමියි පවසමි
ලොවටම ඇසෙන නියා
කෙසේ කියන්නද ඔබ මා අතහැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා
0 comments:
Post a Comment