විද්‍යුත් තැපැල් ක්‍රමය ලොවට හදුන්වා දුන් වෙල්ලයප්පා ශිවා අයියදුරෙයිගේ කතාව 📧📧📧 (Email System)

විද්‍යුත් තැපැල් ක්‍රමය ලොවට හදුන්වා දුන් වෙල්ලයප්පා ශිවා අයියදුරෙයිගේ කතාව 📧📧📧 (Email System) - Your Choice Way
⚜️ඔහු විද්‍යුත් තැපැල් මෘදුකාංගයේ නිර්මාතෘවරයා.

⚜️ඉන්දියාවේ උපත ලද ඔහු දමිළ අමෙරිකානු විද්‍යාඥවරයෙක්. ඉංජිනේරුවරයෙක්. ව්‍යවසායකයෙක්.

⚜️ඔහු නමින් වෙල්ලයප්පා ශිවා අයියදුරෙයි.

⭕වර්ෂ 1963 දෙසැම්බර් මස දෙවන දින ශිවා අයියදුරෙයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුනෙල්වේලි ග්‍රාමයේ දී උපත ලැබුවා. 

⭕සිය කුඩා කාලය ගත කළේ තමිල්නාඩුවේ වුවත් වයස අවුරුදු 07ක් පමණ වන විට පවුලේ පිරිස සමග ඔහු ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වුණා.

⭕වර්ෂ 1978 දී නිව්යෝක් සරසවිය මගින් මෙහෙයවනු ලබන පරිගණක පාඨමාලාවක් සදහා සහභාගී වන විට ඔහු වයස අවුරුදු 14ක් වන ද්වීතීයික අධ්‍යාපනය හදාරන සිසුවෙක්.

⭕ලිවින්ග්ස්ටන් උසස් පාසලේ සිසුවකුව සිටියදී නිව්ජර්සිහි වෛද්‍ය සහ දන්ත වෛද්‍ය සරසවියේ කටයුතු පහසු කරවීම සදහා ක්‍රමයක් හදුන්වාදීමට ඔහු සමත් වුණා.

⭕අයියදුරෙයිගේ මව ඒ සරසවියේ සේවය කිරීම නිසා ඔහුට මෙම අවස්ථාව උදාවුණා.වර්ෂ 1982 දී මෙම මෘදුකාංගය EMAIL විද්‍යුත් තැපැල් ක්‍රමය ලෙස ලොවට හදුන්වා දීට ඔහුට හැකි වුණා.

⭕විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව සහ පරිගණක විද්‍යාව සදහාත්, විද්‍යාත්මක දෘශ්‍ය විද්‍යාව යන උපාධිවලට හිමිකම් කියන ඔහු ජෛවීය ඉංජිනේරු විද්‍යාව වෙනුවෙන් පශ්චාද් උපාධියකට හිමිකම් කියනවා.

⭕ඊට අමතරව සිද්ධ ආයුර්වේද විද්‍යාවද ඔහු හදාරා තිබීම විශේෂතවයක්.වර්ෂ 1994 දී අයියදුරෙයි විසින් Millennium Cybernetics නම් ආයතනයක් පිහිටුවමින් විද්‍යුත් තැපැල් මෘදුකාංග කළමණාකරණය කරන ලදි.

🔸වර්ෂ 2009 දී ඉන්දියාවේ විශාලතම විද්‍යා පර්යේෂණ ආයතනය වන CSIR ආයතනය කුලියට ගත් ඔහු විවිධ පර්යේෂණ කටයුතු අත්හදා බැලීමට කටයුතු කළා.

🔸2017 වර්ෂයේ දී පළමුවරට දේශපාලනයට අවතීර්ණ වන අයියදුරෙයි පළමුව අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයෙන් ද පසුව නිදහස් දේශපාලනඥයෙකු ලෙස ද කටයුතු කරනු ලබනවා.

🔸ඉන්දියාවේ උපත ලද ඔහු ලොව ප්‍රකට වූයේ දමිළ ඇමරිකානු විද්‍යඥයෙකු ලෙසිනි.ඊට අමතරව ඉංජිනේරුවරයෙකු ලෙසත් ලොව ප්‍රකට වූ ශිවා අයියදුරෙයි මහතා තාක්ෂණික ලොකයට සිදුකර ඇති සේවය අපමණය.

🙏🙏🙏මේ වගේ තවත් වටිනා තොරතුරු දැන ගන්න එක් වන්න අප සමග...😁🙏 Lenmini Kehansa
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
විද්‍යුත් තැපැල් ක්‍රමය ලොවට හදුන්වා දුන් වෙල්ලයප්පා ශිවා අයියදුරෙයිගේ කතාව 📧📧📧 (Email System) විද්‍යුත් තැපැල් ක්‍රමය ලොවට හදුන්වා දුන් වෙල්ලයප්පා ශිවා අයියදුරෙයිගේ කතාව 📧📧📧 (Email System) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 21, 2021 Rating: 5

0 comments:

Post a Comment