Deepawali Data Song Lyrics - දීපාවලී දාට ගීතයේ පද පෙළ

Deepawali Data Song Lyrics - දීපාවලී දාට ගීතයේ පද පෙළ
Song Title : Deepawali Data (දීපාවලී දාට)
Singing : Asanka Priyamantha Peiris (අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මා)
Lyrics : Ananda Hewaranhindage (ආනන්ද හේවාරන්හිඳගේ මහත්මා)
Music : Thissasiri Perera (තිස්සසිරි පෙරේරා මහත්මා)


දීපාවලී දාට දීපාවලී සඳ අරන්
මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්

වෙඩි සද්දයට බයේ දරු කැක්කුමත් හිත දරන්
මහ ගෙදරටම වෙලා අපි හිටියේම හරි දුකෙන්
දැන් ගිනි අඩුවෙලා ගිහින්
පුතුනේ ගෙදර එන්න පොඩි පැටවු අරන්

කෝවිල ළඟදි දැකපු දේවී ගැනම හිත ගිහින්
නොකියා ගියේ නුඹයි අපෙ අවසරය නැතිකමින්
දැන් තරහා නිවී ගිහින්
තල් පැදුරකුත් වියන් එන්න යාපනෙන්

දීපාවලී දාට දීපාවලී සඳ අරන්
මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Deepawali Data Song Lyrics - දීපාවලී දාට ගීතයේ පද පෙළ Deepawali Data Song Lyrics - දීපාවලී දාට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2021 Rating: 5

0 comments:

Post a Comment