Wiharawa Song Lyrics - විරහව ගීතයේ පද පෙළ

Wiharawa Song Lyrics - විරහව ගීතයේ පද පෙළ
Song Title : Wiharawa (විරහව)
Lyrics : Malshi Senadheera (මල්ෂි සේනාධීර)

නිදන නෙතුපිය හෙමින් රිද්දන
විසුල පිණිකැට ලෙසට සේදී 
 උණුසුම්ව කොපුලත මුදු හාදු දී
තරු අරුන්දතී පිනිදි නොව මේ 
වැටෙන්නේ මේ වියෝ කදුළැලි..........

නොවේ මරණය වේදනාවක් 
ලසෝ ගිනි හද මරයි නොනැවතී 
සමුනොදුන් සමුගැනුම් කවදත් 
වේදනා මහ සයුර පැරදුනි........

බුර බුරා පපු කුහර අතරින්
දවා සුසුමන් මතින් අළු වී
කප්පරක් මහ වේදනාවන් 
මතක පොදි හද පෙළන අරුමැති.....

නූඹේ අරුමැති සෙනේ ගගුලේ
 කිමිදෙමින් ගත විඩා නිව් හැටි
මෙදා නුඹ මගෙන් වෙන්වී
මට මාද අහිමිව ගියපු හැටි.........

හදවතම පහුරුලන හදවතේ
අදෝනා දරා  රහසින් ,උහුලමින්
උරුමයක කදුළු වැහි
පොළොව සේ විදගනිමි...

ඉතින් යළි එන්නෙපා 
මගේ හිත හදාගමි........
ඉතින් විරහව නුබෙන් අයදිමි
මගෙන් වෙන්වී දුරට යනු සකි....

මල්❤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wiharawa Song Lyrics - විරහව ගීතයේ පද පෙළ Wiharawa Song Lyrics - විරහව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2021 Rating: 5

0 comments:

Post a Comment