Nomala Aa Song Lyrics - නොමළ ඈ ගීතයේ පද පෙළ

Nomala Aa Song Lyrics - නොමළ ඈ ගීතයේ පද පෙළ
Song Title : Nomala Aa (නොමළ ඈ)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

ඉහිලුම් නොදේ හිස තුල වේදනාව
කුසගිනි දැනුනමුත් කට අප්පිරියාව
ඇගම රිදුම් දෙයි නැත එහි සිරියාව
පන නල කෙමෙන් දිය වී යන වෙලාව

පුතු බන්ඩියේ සුවසේ නිදන්නේ
පුතුට මෙලොව දැක ගන්නට ඉවසන්නේ
සියලු වේදනා මදකට නවතින්නේ
පුතුගේ කිරි සිනා හීනෙන් පෙනෙන්නේ

සිරුරේ සැඟවුණේ පිලිකා මාරකය
මට හැකි වුවත් ගලවන්නට මාරකය
බේත් වලින් සුව කරනට මාරකය
මම අකමැති උනා ගලවන්නට මාරකය

මගේ පන අරන් පුතු ජීවත් වෙන්නේ
මගේ පන ගියත් පුතු මම රකින්නේ
මගේ ලෙයින් බිහිවන පුතු දකින්නේ
දැක සැනසිලා මගෙ හදවත නවතින්නේ

බිළිඳු මෙලොව එලිය දැකපු දිනය අනේ
වේදනාව කුස පෙදෙසේ නිමක් නැතේ
පුතු පැටියගේ කෑගැසිල්ල ඇසුන වෙලේ
වේදනාව නතර උනේ කොහොම අනේ

ගෙවී යන්නේ මගෙ අවසන් දවස් ටිකයි
පුතු දැක මගේ හද සතුටින් පුරවාලයි
අම්මි නැති කලදි අප්පච්චිගේ තුරුලයි
සනසන්නේ පුතු සැමදා පිය සෙනෙහෙයි

පුතු පැටියා නිසා බේතක් නොගත්තේ
පුතු පැටියා රැක ගැනුමට හිතලානේ
අම්මගේ ඇගේ දිව ගිය ඒ මරුවාගේ
ගොදුරක් උනා ඈ පිලිකා මරුවාගේ.

දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nomala Aa Song Lyrics - නොමළ ඈ ගීතයේ පද පෙළ Nomala Aa Song Lyrics - නොමළ ඈ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2021 Rating: 5

0 comments:

Post a Comment