Wenna Thiyena Siyaluma Dewal Song Lyrics - වෙන්න තියෙන සියලුම දේවල් ගීතයේ පද පෙළ

Ahinsakawi Song Lyrics - අහිංසකාවී ගීතයේ පද පෙළ
Song Title : Wenna Thiyena Siyaluma Dewal (වෙන්න තියෙන සියලුම දේවල්)
Singing : Dimanka Wellalage (දිමන්ක වෙල්ලාලගේ මහත්මා)

වෙන්න තියෙන සියලුම දේවල් සිද්ධ වුණා මගෙ දිවියට
නමුත් මේ ලොව හැර යන්නට සිතක් නම් තව නෑ මට
නිකරුණේ දියවීලා යන මගෙ දිවියේ හොද හරිටම
රිදෙයි වද දෙයි ඔබේ මතකය මගේ ලෝකයේ හැම දින
රිදෙයි වද දෙයි ඔබේ මතකය මගේ ලෝකයේ හැම දින.....

පමා වී ආ වසන්තයක් ලෙස ඔබ ඇවිදින් මගේ ළගටම
මේ තරම් ඉක්මනින් ඇයි නුඹ වෙන්ව ගියේ මටත් නොකියම
යටි හිතේ හිත පතුලේ වැදිලා වද දිදී තව මතකය
යලි උපන්නොත් මගේම වෙනවද සසර ඇති තුරා සදහට.....

ඈත ඉදලා බලාන උන්නම අහසත් ගෑවෙයි පොළවට
ලං වෙලා ලං වෙන්න යනකොට ඒකත් බොරුවක් හැම විට
සදහට සමු නොගත්තත් ඔබ මේ ලොවේ අද තව ඇත
මගේ ලෝකය පාළුයි අද කදුල විතරද උරුමය.....

වෙන්න තියෙන සියලුම දේවල් සිද්ධ වුණා මගෙ දිවියට
නමුත් මේ ලොව හැර යන්නට සිතක් නම් තව නෑ මට
නිකරුණේ දියවීලා යන මගෙ දිවියේ හොද හරිටම
රිදෙයි වද දෙයි ඔබේ මතකය මගේ ලෝකයේ හැම දින//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wenna Thiyena Siyaluma Dewal Song Lyrics - වෙන්න තියෙන සියලුම දේවල් ගීතයේ පද පෙළ Wenna Thiyena Siyaluma Dewal Song Lyrics - වෙන්න තියෙන සියලුම දේවල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2021 Rating: 5

0 comments:

Post a Comment