Tharu Ath Akurin Liya Ewami Song Lyrics - තරු අත් අකුරින් ලියා එවමි ගීතයේ පද පෙළ

Tharu Ath Akurin Liya Ewami Song Lyrics - තරු අත් අකුරින් ලියා එවමි ගීතයේ පද පෙළ
Song Title : Tharu Ath Akurin Liya Ewami (තරු අත් අකුරින් ලියා එවමි)
ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත
ඔබෙ සෙවන පමණි මා හට ඇති එකම සම්පත

මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්
හෙළි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්
පැල්පතද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත
ඔබෙ සෙවන පමණි මා හට ඇති එකම සම්පත

කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ
කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ
ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත
ඔබෙ සෙවන පමණි මා හට ඇති එකම සම්පත



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharu Ath Akurin Liya Ewami Song Lyrics - තරු අත් අකුරින් ලියා එවමි ගීතයේ පද පෙළ Tharu Ath Akurin Liya Ewami Song Lyrics - තරු අත් අකුරින් ලියා එවමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2021 Rating: 5

0 comments:

Post a Comment