Saliya Alaya Song Lyrics - සාලිය ආලය ගීතයේ පද පෙළ

Saliya Alaya Song Lyrics - සාලිය ආලය ගීතයේ පද පෙළ
Song Title : Saliya Alaya (සාලිය ආලය)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

සැඩොල් කුලේ පිංබර වූ රුවැත්ති
මාලා ඇයයි ගමටම වූ රුවැත්ති
නායකතුමාගේ දුවනිය රුවැත්ති
ඇය නම් සුන්දරයි සුකොමල රුවැත්ති

තෙදවත් වූ බලවත් පින් කුමරාන
ඔබමයි ගැමුණු රජුගේ පුත් කුමරාන
ඔටුන්න ඔබටයි මතුදා කුමරාන
හිමි වන්නේ පින්වත් පුත් කුමරාන

විදීය දිගේ වඩිනා කල කුමරු ගමේ
අසෝක මල් ගස මුදුනේ නෙත රැදුනේ
සුරඟන පරදනා ලිය වෙත සිත බැදුනේ
කුල ගොත් කිසිවකුත් නෑනේ දැන තිබුනේ

සුකොමල සිනිදු වත කමලට සිත බැදුනා
රන්වන් සිරුර වෙත නෙත සිත පා කෙරුනා
දිගු නිල් වරල නිතඹෙන් පහලට ඇදුනා
කුමරු නැවතුනා හද ආලෙන් වෙලුනා

කුලයෙන් පහත් වූවත් පිං සිතැත්ති
පෙර කල පවක් පලදී වුන විපත්ති
මෙලෙසින් අඩු කුලේ ඉපිදී සිටිද්දි
පින පල දුන්නේ කුමරුන් හද ගනිද්දි

කාලය සමග දෙදෙනා ආලෙන් වෙලුනා
කුමරුගේ ජීවිතේ ඈ වෙනුවෙන් පිදුනා
සාලිය මාලා පෙම් සුවයෙන් තුටු වූවා
කුලයෙන් කමක් නැත ඈ ඔහුගෙම වූවා

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Saliya Alaya Song Lyrics - සාලිය ආලය ගීතයේ පද පෙළ Saliya Alaya Song Lyrics - සාලිය ආලය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2021 Rating: 5

0 comments:

Post a Comment