Pranayayi Nuba Mage Song Lyrics - ප්‍රාණයයී නුඹ මගේ ගීතයේ පද පෙළ

Pranayayi Nuba Mage Song Lyrics - ප්‍රාණයයී නුඹ මගේ ගීතයේ පද පෙළ
Song Title : Pranayayi Nuba Mage (ප්‍රාණයයී නුඹ මගේ)
Lyrics : Malshi Senadheera (මල්ෂි සේනාධීර)

ප්‍රාණයයී නුඹ මගේ දිවියට 
මන්දෝදරිය මේ අසාපන්
මුසාවකි හැම මුවින් ගිලිහුණ
සීතාට මා පෙම් කළ බවක්

හදවතේ ගැස්මේ පවා මගෙ 
නුබයි වෙන නෑ කිසි ලදක්.
 ප්‍රේමයේ ගිනි සිළුව නුඹ මයී 
දවාලූ "රාවණ" හදත්

එපා ඉකිලනු මේ ලෙසින් නම්
නුඹේ රුව මට රසදුනක්
සැබැව  ලදුනේ හෙළ නිරිදු මං
පරදවා පරගැති නරන්

නිරිදු වුව කිම මගේ සොදුරිය
නුඹ ට ඇත මා ගැන සැකක්
පුරාවත යළි ඇහැරවන්නෙමි
සීතාට කිම එහි ඉඩක්

මගහැරී ගියෙ කිමද මන්දා
රාවණා -මන්දෝදරි කවක්
නුඹ නමින් මා සඵත වන්නෙමි
නොවෙමි සළලෙකු කිසි කළක්
මයධාන දූ කුමරි ලත් හද

කොයිබින්ද එහි රික්තයක්
මගේ නිකැළැල් සංසාරගත 
පතිනියයී නුඹ දෙවගනක්
අනේ දැන්වත් හිනැහියන් ලදුනේ
නිවී යයී නුඹෙ "රාවණ" ත්

මල් ❤🌺04.11.2020

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pranayayi Nuba Mage Song Lyrics - ප්‍රාණයයී නුඹ මගේ ගීතයේ පද පෙළ Pranayayi Nuba Mage Song Lyrics - ප්‍රාණයයී නුඹ මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2021 Rating: 5

0 comments:

Post a Comment