Guna Nana Wadawa Song Lyrics - ගුණ නැණ වඩවා ගීතයේ පද පෙළ

Guna Nana Wadawa Song Lyrics - ගුණ නැණ වඩවා ගීතයේ පද පෙළ
Song Title : Guna Nana Wadawa (ගුණ නැණ වඩවා)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

ගුණ නැණ වඩවා සිප් සතර දී හොදට
තම දරුවන් සේ හැදුවා ඇසේ තබාගෙන
ඔවා සිප් දීමෙන් කරුණාව පාමින්
යහමගට ගත්තා බොහෝ දරුවන් කැළක්

තම කුසින් බිහිනොවූවත්
වෙනසක් නොකර කිසිවිටෙකත්
තම දරුවන්  රිසින් ඔවා දම් දීමෙන්
බිහිකෙරුව ගුණ නැනින් යුතු දරුවන්

මුරණ්ඩු දරුවන් වෙත බොහෝ ආලයෙන්
කියාදී හොද නරක යහමගට ගත්තා ඉත සිතින්
සාරි පොටේ එල්ලී ලමයින් බොහෝ දෙන
සෙව්වා ඇගේ ආලය සැමදා විදු මව් තුරුලේ 

වසර ගණනක් ගෙවා දරුවන් සමග
විශ්‍රාම දිවිය අතලග එනවිට
දුක්වූවා බොහෝ සේ වියෝගය දරාගත නොහැකිව
දහස් ගණනක් දරුවන්ගේ දෙඇස් පාදා
ඈ නික්ම යන දවසෙ පාසලේ ගොඩනැගිලි පවා කම්පා විය බොහෝ සේ

ඉදහිටක පාසලට යනවිටදි 
ඇගේ රුව සහ මියුරු කටහඩ
තවමත් සවන් පත්හි රැව් 
මිහිරි මතකයන් අවදි වේ
අඩන විටදි මා නළවා
මවක් සේ ලග හිදිමින් 
විදුබිමේ මව් වූවා බොහෝ දරු කැළකගේ

තාමත් මතක් වෙන සුන්දර ඒ මුහුණ
පින්බරය මනහරය නෙත් සිත් පිනා යන
දහස් ගනන් දරුවන් පිරිසකට මැදිව සිට
දැන් කෙසේ සිටිනු ඇත්ද විශ්‍රාම දිවිය තුල 
පාලුව රජ කරනු ඇත විටෙක 
නමුදු සිහිවෙයි ඇයට ඇයගේ දරුවන් දහස් ගනන් දැන් රටේ ඇති නිසා

ඉදහිට ඇය මුණගැසුනු විට
සිනහව උතුරන ඇගේ මුහුණ මට පියකරුය හැම වෙලේ
සතුටකි ඇයටත් මටත් 
මා ඇගේ ගෝලයෙක් 
ඈ මගේ මව් කෙනෙක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Guna Nana Wadawa Song Lyrics - ගුණ නැණ වඩවා ගීතයේ පද පෙළ Guna Nana Wadawa Song Lyrics - ගුණ නැණ වඩවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2021 Rating: 5

0 comments:

Post a Comment