Obata Lanvee Song Lyrics - ඔබට ළං වී ගීතයේ පද පෙළ

Obata Lanvee Song Lyrics - ඔබට ළං වී ගීතයේ පද පෙළ
Song Title : Obata Lanvee (ඔබට ළං වී)
Artist - Raween Kanishka & Nuwandika Senarathne
Lyrics - Saman Edirimuni
Music - Nimesh Kulasinghe

ඔබට ළං වී ලඟින් ඉන්නට
හීන දැක්කට මං
හිතින් වෙන්වී දුරක යන්නට
කාරණා ඇත දැන්

මටම වෙන් කළ හදවතේ ඉඩ
තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නෙ කොහොමද මේවා බල බල
ඉන්නෙ කොහොමද මං

ආදරේ මල් පියලි අතුරා
හදවතේ මළුවේ
මගේ මේ හිත ඇවිලිලා යන
බැල්මකින් බැලුවේ
කාත් කවුරුත් නෑ මගේ මං
හංගගෙන පපුවේ
ඇයි ඉතිං මගෙ හිතට දුක්දෙන
සුසුම් වැල් හැදුවේ

මටම වෙන් කළ හදවතේ ඉඩ
තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නෙ කොහොමද මේවා බල බල
ඉන්නෙ කොහොමද මං

කවමදාවත් නෙතට කදුලක්
දුන්නේ නැති හිතක
ඔහේ වැටිලා මමත් උන්නා
එපමණයී මතක
යන්න යන්නම් දරාගෙන දුක
තාරකා නෙතක
කදුලු වැටුනට හිතන්නෑ මං
අඩන්නෑ මැණික

මටම වෙන් කළ හදවතේ ඉඩ
තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නෙ කොහොමද මේවා බල බල
ඉන්නෙ කොහොමද මං


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obata Lanvee Song Lyrics - ඔබට ළං වී ගීතයේ පද පෙළ Obata Lanvee Song Lyrics - ඔබට ළං වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2021 Rating: 5

0 comments:

Post a Comment