Kelesaka Keewath Song Lyrics - කෙලෙසක කීවත් ගීතයේ පද පෙළ

Kelesaka Keewath Song Lyrics - කෙලෙසක කීවත් ගීතයේ පද පෙළ
Song Title : Kelesaka Keewath (කෙලෙසක කීවත්)
ගායනය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
සංගීතය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
ගී පද : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

යාදිනියක සේ මා ලඟ දැවටී
සෙනෙහස පැතු එදිනේ
ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ
මට අමතකව නැතේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

අසන හැම මුවින් ලොවම මා වෙතින්
ඔබ විමසන දවසේ
බැඳි පෙම සඟවා ඉන්නද ඉවසා
මා ගොලු බිහිරෙකු සේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kelesaka Keewath Song Lyrics - කෙලෙසක කීවත් ගීතයේ පද පෙළ Kelesaka Keewath Song Lyrics - කෙලෙසක කීවත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2021 Rating: 5

0 comments:

Post a Comment