එලිසබෙත් බැතෝරි - Elizabeth Bathory (ලොව විසාලතම කාන්තා ඝාතක - ඝාතන 600+😲😖)

එලිසබෙත් බැතෝරි - Elizabeth Bathory (ලොව විසාලතම කාන්තා ඝාතක - ඝාතන 600+😲😖) - Your Choice Way
හංගෙරියානූ රාජකීය පරම්පරාවට අයත් බැතෝරි,
☠️💀 🚫 උපත -: 1560 අගෝස්තු  7

☠️💀 🚫 විපත -: 1614 අගෝස්තු 21 විය.

☠️💀 🚫 වෙනත් නම් -:  [ රුධිර ආදිපාදවරිය/සෙජ්ටෙහි රුධිර කත/සෙජ්ටෙහි ව්‍යාඝ්‍ර ධේනුව/සාපරාධි දණ්ඩනය/ජීවිතාන්තය දක්වා සිරගත කරන එකට කලත්‍රයා යන නමින්ද හැදුන්වූවා😲]

☠️💀 🚫 ඇගෙ දරුවන්ගෙ නම් -: 
01. පෝල්
02. ඇනා
03. උර්සුලා
04. කැනරින්

☠️💀🚫 ඝාතන ගොදුරුවූවන් 650කට ආසන්න  යැයි අදහස්වේ😲

☠️💀🚫 ඝාතන කාලසීමාව 1590–1609

☠️💀🚫 රට -: හන්ගේරියානු රාජ්‍යය

☠️💀🚫 සිරගත කළ දිනය -: 1609 දෙසැම්බර්29 වංශාධිපති පවුලක් වූ බැතෝරි පවුලට අයත් හන්ගේරියානු රදළ කාන්තාවක මෙන්ම සමූල ඝාතිකාවක් වූවාය. 

©®🚫 ඇය ගිනස් ලෝක වර්තාවක් තබා ඇත්තේ වැඩිම සංඛ්‍යාවක් මිනිසුන් මරා දැමූ කාන්තාඝාතකයා නොහොත් විශාල වශයෙන් පිරිස සංහාරය කළ කාන්තා ඝාතිකාව සහ බටහිර ලෝකයේ වැඩිම පිරිසක් ඝාතනය හේතුවෙනි. 

©®🚫 ඇය දැරියන්ගේ සහ කාන්තාවන් ඝාතනය කොට ලේ උරාබීමට (වැම්පයර්භාවය) 😲පුරුදුවූ බව වාර්තාවේ.

©®🚫 විරුද නාමය ඇයව රුධිර ආදිපාදවරිය සහ ඩ්‍රැකියුලා ආදිපාදවරිය ලෙස ව්‍යවහාර වී ඇත.

ඇය පිළිබදව වාර්තා කරන්නේ මුළු කාලවකවානුවේම වඩාත් දුෂ්ට සමූල ඝාතිකාවක් වශයෙන් සහ මෙම තරුණ ගැහැනු ළමයින්ගේ මරණ පිළිබදව සිදුවීම් සහ ඒවටා ගෙතුණු ප්‍රබන්ධ නොපැහැදිළි බවයි. 15වන සියවස පුරා ඇය විසින් කළැයි සැළකෙන කන්‍යා ඝාතන සංඛයාව 600 කට වඩා වැඩියැයි සඳහන්වේ. 

1585සහ 1609 අතර කාලයේදී බැතෝරි සහ ඇයගේ සහයකයන් සතර දෙනෙක් විසින් සියගණනක්වූ තරුණ කාන්තාවන් වදහිංසාකොට මරාදැමීමට හිමිකම් කියයි.

බැතෝරිගේ නඩු තීන්දුවේදී ඇයට බිලිවූ සංඛයාව 650 පමණ වූ බව වාර්තාවල දැක්වේ.කෙසේ නමුත් මෙම සංඛයාව හෙළිකොට ඇත්තේ සුසානා නම් සේවිකාවක් වූ අතර,එය බැතෝරිගේ මාළිගයේ නිලධාරියෙකු වන ජේකබ් සිල්වාසි විසින් බැතෝරිගේ පෞද්ගලික ග්‍රන්ථ වල දුටු බවද ඇය සඳහන්කොට ඇත. මෙම ග්‍රන්ථ කිසිදිනක අනාවරණය වී නැති අතර අසිල්වාසි එය සත්‍ය යැයිද පිළිගෙන නොමැත.

විරෝධතා සහ සාක්ෂි හේතුවෙන් එලිසබෙත් සහ ඇගේ පවුලට හිමිව තිබූ අධිකාරී බලයට තර්ජනයක් එල්ල විය. 1609 වර්ෂයේ දෙසැම්බරයේදී ඇයව ඉහළ හන්ගේරියාවට අයත් (වර්තමානයේ ස්ලෝවේකියා) ක්සෙට්ජෙ බළකොටුව තුළ ජනෙල් පවා නොමැති කුටියක හුදකලාව සිරගත කරන ලදි. සිරගතකොට පස් වසරකින් ඇයගේ මරණය සිදුවිය.

එලිසබෙත් බැතෝරිගේ වංශ ලාංඡනය ඇයගේ සාහසික ඝාතනය කිරීම් සම්බන්ධ කතාවල සත්‍යතාවය 300 කට වඩා සාක්කිකරුවන් සහ සේවක, සේවිකාවන් විසින් සනාථකොට ඇත.ඒවායින් සමහරක් භෞතික සාක්ෂි වූ අතර කෘරලෙස කපා  කොට මරාදැමීම් ද ඇයව සිරගතකළ පසු මියයමින් සහ සිරගත කරන ලද ගැහැනු ළමුන් සොයාගැනීමට හැකිවී ඇත.

කතන්දර වල ඇයව සඳහන් කරන්නේ වැම්පයරයෙක් -ලේ උරාබීමට පිපාසිතව (වඩාන් ප්‍රසිද්ධවී ඇත්තේ තාරුණ්‍යය ලබා ගැනීම සඳහා ඇය කන්‍යාවියන්ගේ රුධිරයෙන් ස්නානය කළ බවට සඳහන් කතාවයි)

ඇයගේ මරණින් පසු ව පැතිරී ඇත.නමුත් මෙය තවමත් අවිශ්වාසජනකය. ඇයගේ වෘතාන්තය සීඝ්‍රෙයන් අදවන විට දේශීය ජනකතාවක කොටසක් බවට පරිවර්තනය වී ඇත.ඇයව නිරතුරුව ව්ලාඩ් උලතබන්නාසමඟ වල්ලාචියා (කවුන්ට් ඩ්‍රැකියුලාප්‍රබන්ධය පාදක කරගෙන) සංසන්දනය කර ඇති අතර ඇය පාදක කරගෙන ඩ්‍රැකියුලා පුරාවෘත්තය පිළිබඳව මිත්‍යා කතා ද ගොඩනැගී ඇත. අන්වර්ථ නාමවල සහ සාහිත්‍යය තුළ විරුද නාමය ඇයව රුධිර ආදිපාදවරිය සහ ඩ්‍රැකියුලා ආදිපාදවරිය ලෙස ව්‍යවහාර වී ඇත

පහතින් එලිසබෙත් බැතෝරි 1585 දී ගත් එලිසබෙත් බැතෝරිගේ නැතිවූ සත්‍ය උඩුකය සිතුවමක පිටපතක් ඇත😋😍😎

(උපුටාගැනිම අවසරයකින් කරන්න.මුල් අයිතිය සුරකින්න )Dilhan
දිලා
🚫💀❤🤜☸️
එලිසබෙත් බැතෝරි - Elizabeth Bathory (ලොව විසාලතම කාන්තා ඝාතක - ඝාතන 600+😲😖)  - Your Choice Way

එලිසබෙත් බැතෝරි - Elizabeth Bathory (ලොව විසාලතම කාන්තා ඝාතක - ඝාතන 600+😲😖)  - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
එලිසබෙත් බැතෝරි - Elizabeth Bathory (ලොව විසාලතම කාන්තා ඝාතක - ඝාතන 600+😲😖) එලිසබෙත් බැතෝරි - Elizabeth Bathory (ලොව විසාලතම කාන්තා ඝාතක - ඝාතන 600+😲😖) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2021 Rating: 5

0 comments:

Post a Comment