මෙරට අවසන් රජුව අල්ලා ගත් - බෝමුරේ 🤴🏾⚔️📯 (Bomure)

මෙරට අවසන් රජුව අල්ලා ගත් - බෝමුරේ 🤴🏾⚔️📯 (Bomure) - Your Choice Way
අද අපි කතා කරන්නේ තවත් ඉතිහාස කතාවක් ගැන..

ඒ තමා අපේ රජේ අවසාන රජු ඉංග්‍රීසින් අතට හසුවූ ස්ථානය ගැනයි..

අද මෙහි ඇත්තේ පුරාවිද්‍යාත්මක ස්මාරකයක් පමණී..

ඒ කියන්නේ 1815 පෙබරවාරි 18 වැනි ඉරිදා දිනයේ හවස් කාලයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගත් තැන ගැනයි..

උඩුපිටිය ගම්මානයේ නිවසක සැඟ ව සිටින විට යි රජු අල්ලාගත්තේ. 

ඉන්පසු,  රජු සැඟව සිටි උඩුපිටිය ආරච්චිගේ නිවෙස ගිනි තබා විනාශ කළ බව ජනප්‍රවාදයක සඳහන් වෙනවා.

1900 පමණ වන විට නිවෙස තිබූ ස්ථානයේ සියඹලා ගස් කිහිපයක් හැර වෙනත් දෙයක් තිබිලා නැහැ..

පසුව 1906 සිට 1910 දක්වා මහනුවර මහ දිසාපති ලෙස ක්‍රියා කර ඇති ජෝන් පෙන්රි ලුවී  නම් ඉංග්‍රීසි ජාතිකයාගේ මැදිහත් වීමෙන් 1908 දී උඩුපිටියේ ආරච්චිගේ නිවෙස තිබූ ස්ථානයේ ශිලාමය ස්ථම්භයක් පිහිටුවීමට පියවර ගෙන තිබුණා...

දේශීය කැටයම් ශිල්පීන්, ශිලාමය ස්ථම්භය තනා ඇත්තේ බෝමුරේ හා ගල්ලැහැවත්ත මැදින් ගලා බස්නා ඔයේ ඉහළ කොටසේ ස්ථානයක දී යි. 

නමුත් මේ ස්ථම්භය රජතුමා අල්ලාගත් ස්ථානයට රැගෙනවිත් තිබෙන්නේ ඇතෙක් ලවා ඇද්දවීමෙන් කියලයි සදහන් වෙන්නේ....

දෑත් බැඳ රජතුමා හා බිසෝවරු පහළට ඇදගෙන විත් ඇත්තේ බෝමුරේ වෙල්යායක් මැදින් බවත් පැවසෙනවා. 

එම වෙල්යායේ අද දිනයේ ද වී වගාව දක්නට ලැබෙනවා...

වර්තමානයේ ඇළ දොළ සහිත උඩුපිටිය ඉතා සුන්දර ගම්මානයක්.හෙල්මලු ආකාරයට කළ, වී ගොවිතැන එහි කැපී පෙනෙනවා.

උඩුපිටිය ගමට යන්නේ මෙහෙමයි මහනුවර සිට මහියංගණය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කි. මී. 31ක් ගමන් කළ විට මොරගහමුල හන්දියට අප පිවිසෙනවා. 

මොරගහමුල සිට කිතුල්ගහරාව හරහා ගමන් කළ විට බෝමුරේ බෝධිඅංගනාරාම විහාරස්ථානය හමුවෙනවා. 

එතැන් සිට වෙල්යායෙන් ඉහළට ගමන් කළ විට බෝමුරේ උඩුපිටිය ගම්මානය දැකගැනීමට ලැබෙනවා.

එම ශිලා ස්ථම්භය අතීත රහස් පසවන නිහඬ ස්මාරකයක් ලෙස අදත්  මෙම ස්ථානයේ තිබෙනවා. 

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි..
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මෙරට අවසන් රජුව අල්ලා ගත් - බෝමුරේ 🤴🏾⚔️📯 (Bomure) මෙරට අවසන් රජුව අල්ලා ගත් - බෝමුරේ 🤴🏾⚔️📯 (Bomure) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 15, 2021 Rating: 5

0 comments:

Post a Comment