Your Choice Way

Anora wasi Song Lyrics - අනෝරා වැසි ගීතයේ පද පෙළ

Anora wasi Song Lyrics -  අනෝරා වැසි ගීතයේ පද පෙළ
Song Title : Anora wasi (අනෝරා වැසි)
Lyrics : Sudanthi Anuruddhika (සුදන්ති අනුරුද්ධිකා)

හිරු දෙනෙත් බොඳ වේවි කළුවරේ හඬනකොට
වැහි කඳුළු සිත් අහස දෙපලු කර සැලෙනකොට
වලාකුළු සයන දුක් සීතලෙන් ගැහෙනකොට
මිහි කොපුල් දිය වේවි ලතැවුලෙන් තැවෙනකොට

සිනා මල් සෙවිලි කල සතුටු මැදුරට වෙලා
කඳුළු වැසි නොපෙනෙන්න කවුළු දොරගුළු ලලා
සෙනෙහසෙන් කෙලි දෙලෙන් වියපු සළු පිලි වෙලා
සිටින නුඹටත් අපේ මතක අමතක වෙලා,,

තුරු ලතා පවා වැසි දිය අරන් හිනැහෙද්දී
පිරුණු ගං විල් ඉවුරු සොම්නසින් ඉතිරෙද්දී
මිහි ලයේ ලතැවිල්ල දිය මතද ඇවිලෙද්දී
කියන්නද මන් කොහොම නුඹටවත් නොදැනෙද්දී,,

උනන උණු වැහි කඳුළු නුඹ නිසා තරු නෙතින්
මගේ නෙතු කෙවෙනි යට සඟව ගත්තෙමි තදින්
ඒ කඳුළු මතු දිනෙක ගිලිහෙනා විට නෙතින්
සුළඟක්ව නුඹ යාවි තනිව පිසලමි ඉතින්,,,

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anora wasi Song Lyrics - අනෝරා වැසි ගීතයේ පද පෙළ Anora wasi Song Lyrics -  අනෝරා වැසි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, January 24, 2021 Rating: 5

0 comments:

Post a Comment