Thabili Komba His Bothal Song Lyrics - තැඹිලි කෝම්බ හිස් බෝතල් ගීතයේ පද පෙළ

Thabili Komba His Bothal Song Lyrics - තැඹිලි කෝම්බ හිස් බෝතල් ගීතයේ පද පෙළ
Song Title : Thabili Komba His Bothal (තැඹිලි කෝම්බ හිස් බෝතල්)
Lyrics : Amali Vijayanthi (අමාලි විජයන්ති)

තැඹිලි කෝම්බ හිස් බෝතල් පාවෙලා එද්දි ගල්පර මතින්
මුහුදට ඔච්චම් කර කර බැලුවා ජනේලය උඩින් 
ටිකක් සැරයි හරි නපුරුයි අද නම්  වෙනදාට වැඩියෙන්
එදත් අදත් කවදත් බයයි මුහුදට මහ හුඟක් මම නම්,,,

මුහුද ගොඩ ගලනවා කීවත් අරුමයක්මයි ඒ මොහොතේ 
පිළිගන්නනට හිතක් නෑ තිබුනේ අප කාගේ
ගෙවී ගියේ තත්පරයයි සිදු වූ දේ නොම තේරෙයි
මාලු ටැංකියක ගෙවන දිවියක් හා සමානවයි හද ගැහුනේ,,,

දැනිල තියෙනවාද නොසිතු මොහොතක  අහිමි බැදීමක දුක
කඳුලැල් වැටුනා තව තව ලුණු රස වැඩි කර ගැලූ ලුණු වතුරටම
ගසාගෙන යනවා ජීවිත මහ මුහුදට ඇස්පනා පිටම
ළමා කාලයේ වින්දා ජීවිතයේ ඒ යතාර්ථය,,,

අහිමි වුවත් හදින් අල්ලා ගත් ලස්සන බෝනික්කන්
පුරුදු උනා අත අරින්න අහිමි වෙද්දී  හිත ඉල්ලූවත්
බොඳ වී යන්නට ගිය බැදීමක් ආයෙත් හිත ළඟට ඇවිත් 
දැනුන සතුට අකුරු කරන්නට මම නම් නෑ දන්නේ තවමත්,,,

මිල මුදල් යාන වාහන තිබුණත් කොතරම් අපට
කළ පින් පමණයි ළඟ රැදුන කාගෙත් පිහිටට
පින් පව් නොදන්නා මිනිස්සු නොහිටියා නොවෙයි මේ අතරම
මළ මිනියටත් අයිතිය හැදුවා  පෙරේතකමින් මිල මුදලට,,,

මහ ජලකඳ මත පාවෙන්නෙ බලු පැටවුන් විතරමද
පාවෙවී යටයන මොණරු පිරවී ලොකු කප් නොතිබුණාමද
යන යන තැන මළ මිනී දකින්න මේ ඇස් පව් කෙරුවාද
අදටත් බියකරුයි ඒ අඳුරු බිහිසුණු අතීතයම,,,

පාඩම් රැසක් කියා දුන් මහ මුහුද අද නිහඬයි හොදටෝම
ඉවසනවා තව තවත් අකටයුතුකම් මිනිසාගේ මිහිපිට
තේරුම් ගත යුතුයි හේතුව අපි කවුරුත්
රුදුරු මේ ව්‍යසනයට 
පරිසරය වැරදිකරු නොවෙයි සිදු වූ  මේ කිසි දේකට......

ස්තූතියි 
අමාලි විජයන්ති
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thabili Komba His Bothal Song Lyrics - තැඹිලි කෝම්බ හිස් බෝතල් ගීතයේ පද පෙළ Thabili Komba His Bothal Song Lyrics - තැඹිලි කෝම්බ හිස් බෝතල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2020 Rating: 5

0 comments:

Post a Comment