Wiruwanane Song Lyrics - විරුවාණනේ ගීතයේ පද පෙළ

Wiruwanane Song Lyrics - විරුවාණනේ ගීතයේ පද පෙළ
Song Title : Wiruwanane (විරුවාණනේ)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

රකුසු වෙසකින් යුධ වැදූනත්
උනුවෙනා හද ඇත දරා
කෙසේදෝ ඔබ යුධ බිමේදී
මුදා ගත්තේ අප සැමා
රුදුරු අවි අත දරා හුන්නද
සොදුරු හිතකින් යුතු වෙනා
මව් බිමේ ගෞරවය රැකුමට
උපන් පුතුනේ වාසනා

කුසින් නොවැදූ නමුදු ඔබ හට
ඇත්තේ දහසක් මව්වරුන්
උස්මහත් නොකළත් ඔබට ඇත
දහස් ගණනක් පියවරුන්
එකම කුසයින් බිහි නොවූවත් 
ඇතේ සොයුරන් සොයුරියන්
කෙසේ නම් පුද පඬුරු දෙන්නද
අප රකින ඔබමයි උතුම්

දුක් ගැහැට විදින හුදෙක් ජනයා
මුදාලන විරුවාණනේ
දෑසේ රැඳි කදුලැල් මකාලන
සුපින්බර විරුවාණනේ
මුවඟ වෙත හසරැල් නගාලන
දැයේ රනවිරුවාණනේ
නැතේ ඔබගේ ගුණය ගැයුමට 
අකුරු මගෙ කවි හෝඩියේ

යුධ බිමේදී රෝහලේදී 
දුකට පත් වූ හැම වෙලේ
ඔබම පමනයි පිහිට වූයේ
සියලු දෙන හට හැම වෙලේ
කොතෙක් නම් සිදු කලත් මෙහෙවර
අමතකව ගිය සැනෙකිනේ
නගයි අවමන් දොස් බැනුම් 
කිසිවකට ඔබ නෑ පැකිලුනේ

දිනෙක මතු දා සසර කතරින් 
එතෙර වන්නට පතමිනේ
රැස් කලත් යම් පිනක් වේ නම්
ඔබට ලැබ දෙමි නිතැතිනේ
කොතෙක් බාධා සතුරු උවදුරු
පැමිණියත් මතුයම් දිනේ
රැකේවා ඔබ සියලු දෙන
ලක් මෑනිගේ විරු දරුවනේ...

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wiruwanane Song Lyrics - විරුවාණනේ ගීතයේ පද පෙළ Wiruwanane Song Lyrics - විරුවාණනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2020 Rating: 5

0 comments:

Post a Comment