Sulagak Wee Ma Yanawa Song Lyrics - සුලගක් වී මා යනවා ගීතයේ පද පෙළ

Sulagak Wee Ma Yanawa Song Lyrics - සුලගක් වී මා යනවා ගීතයේ පද පෙළ
Song Title : Sulagak Wee Ma Yanawa (Song Lyrics - සුලගක් වී මා යනවා)
Singing : Edward Jayakody Lyrics (එඩ්වඩ් ජයකොඩි මහත්මා)

සුලගක් වී මා යනවා දුර අහසේ ඇවිදින්නට
අප්පච්චි කොහොමද මං අල්ලන්නේ

අහසක් සේ දූ යන මග පුළුන් වලා අතුරනවා
එහෙමයි මගෙ දෝණි මං අල්ලන්නේ
එන වගේ මගෙ දූ මං රැක ගන්නේ

මහ ගං වතුරක් වීලා හරි වේගෙන් මං ගලනවා
ලොකු ගස් වැල් කඳුවැටි හෙම උඳුරා දමනවා
අප්පච්චි කොහොමද මං වලකන්නේ

මං මහ මුහුදක් වෙනවා දූ එනතුරු තනි රකිනවා
ආදරයෙන් මග බලනවා තුරුලට ගෙන සනසවනවා
මං ලග නොවැ දූ සැමදා සැනසෙන්නේ

මං බොරු තරහක් ගන්නව ඇස් රතු වෙනකල් හඩනවා
තුරුළට අරගෙන හිටියත් නැලවෙන්නැතුවම ඉන්නවා
අප්පච්චි කොහොමද මං නලවන්නේ

දූටත් වැඩියෙන් හයියෙන් එතකොට නම් මට ඇඬේනවා
දූගේ කඳුළු මං දන්නවා දූ නැළවෙනකන් හඬනවා
මං ඇඬුවම දූ නොවැ මා නළවන්නේ
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sulagak Wee Ma Yanawa Song Lyrics - සුලගක් වී මා යනවා ගීතයේ පද පෙළ Sulagak Wee Ma Yanawa Song Lyrics - සුලගක් වී මා යනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 06, 2020 Rating: 5

0 comments:

Post a Comment