උසම සක්මන් බුද්ධ ප්‍රතිමාව වැඩහිඳි - රණවන පුරාණ විහාරය ☸️🙏 (Ranawana Purana Viharaya)

උසම සක්මන් බුද්ධ ප්‍රතිමාව වැඩහිඳි - රණවන පුරාණ විහාරය ☸️🙏 (Ranawana Purana Viharaya) - Your Choice Way
අද අපේ කතාව තවත් පූජනීය ස්ථානයක් ගැන. එය නමින් රණවන පුරාණ විහාරය.

මුලින්ම කියන්නම් මේ විහාරය පිහිටලා තියෙන්නේ..මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව ප්‍රදේශයේයී

මෙම පූජනීය ස්ථානයේ යම් සුවිශේෂි බවක් තියෙනවා.. ඒ තමා ශ්‍රී ලංකාවේ උසම සක්මන් බුද්ධ ප්‍රතිමාව වැඩහිඳින්නේ මේ රණවක විහාරයේ.. මෙය ලෝකයේම උසම සක්මන් බුද්ධ ප්‍රතිමාව ලෙසත් සැළකෙනවා..

දුටු පමණින් සිත් පහන් වන මෙම බුදුරුව උසින් අඩි 80 කි. නෙළුම් මල සහ පාදම සමඟ සමස්ත උස අඩි 100 ක් වෙනවා...

සක්මන් බුදුපිළිමය පසුපසින් ඇවිද එන අසූමහා රහතන් වහන්සේලාගේ දර්ශනය හරි අපූරුවට මෙහි විදහා තිබෙනවා..

ඒ වගේම රණවන විහාරයේ ඉතිහාසය ගම්පොල යුගයේ සිව්වන බුවනෙකබාහු රජ සමය දක්වා දිවයන බව විශ්වාස කෙරෙනවා...

මෙහි ඇති අනෙක් සුවිශේෂි කරුණ වන්නේ බෞද්ධ කලා ශිල්ප අතර සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් සාංචි තොරණ අංගසම්පූර්ණව නිමවා ඇති සහ ලංකාවේ දැකගැනීමට හැකි එකම ස්ථානය මෙය වීමයී..

මේ විහාරයට රණවන යන නම ලැබිලා තියෙන්මේ රණවන පෙළපත් නාමය මුල්කරගෙන බව කියවේ...

මන්ද මෙම ස්ථානය මූලිකව ම ආරම්භ කර ඇත්තේ රණවන මොහොට්ටාල නැමැත්තෙකු විසින් බව, ඔහුගේ පුතා වූ රණවන වෙදරාළට, ශකවර්ෂ 1602 දී ලබා දුන් රන් සන්නසේ දැක්වෙන බව ඉතිහාසයේ සඳහන් වෙනවා..

පසුව අනුරාධපුරයට පැමිණි රණවන වෙදරාළ මෙම විස්තරය IVවන බුවනෙකබාහු රජ දවස, හෙණකඳ බිසෝබණ්ඩාර දේවියට සැලකර තිබෙනවා.. එතුමිය  මේ ගැන සතුටු ව, මෙම විහාරස්ථානය නැවත සකස්කරවා නව හිමි නමකට භාරකාරත්වය පැවරූ බව කියැවනවා ..

කන්දක් තරනය කරලා තමා මේ විහාරයට යන්න ඕනේ.සොබාදහමෙන් නිර්මාණය වූ විශාල පර්වත දෙකක් අතර පටු ඉඩක් හරහා පඩිපෙළ සහිත මාර්ගයෙන් කඳු මුදුනට යා හැක..

විශාල වැල් ගොමු අතරින් බුදු සිරිතේ එන ජාතක කතා මූර්තිමය ස්වරූපයෙන් නිර්මාණය කර මෙයට තවත් අලංකාරයක් එකතු කරලා තියෙනවා..

මේ පින්බිම වන්දනයට පැමි‍ණෙන සැදැහැවතුන් සැමදෙනා සොඳුරු වනගත පරිසරය එලෙසින්ම සුරැකිව තබන ලෙස ඉල්ලා සිටිනවා

Ranawana Purana Viharaya
Ranawana Purana Viharaya is situated in Yatinuwara, Pilimathalawa. It is one of the most beautiful temples in Sri Lanka and is tightly bound with nature. Apart from the usual characteristics of a temple, this temple has a trail in to the forest. It depicts many of the important incidents in the life of the Buddha. It is also the only other temple which has a similar structure of the north entrance of the Saanchi Sthupa in India.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
උසම සක්මන් බුද්ධ ප්‍රතිමාව වැඩහිඳි - රණවන පුරාණ විහාරය ☸️🙏 (Ranawana Purana Viharaya) උසම සක්මන් බුද්ධ ප්‍රතිමාව වැඩහිඳි - රණවන පුරාණ විහාරය ☸️🙏 (Ranawana Purana Viharaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 13, 2020 Rating: 5

0 comments:

Post a Comment