ස්වභාවික වෙරළ තටාකය - පොල්හේන 🌊🏊🏻‍♂️🌴 (Polhena Beach)

ස්වභාවික වෙරළ තටාකය - පොල්හේන 🌊🏊🏻‍♂️🌴 (Polhena Beach) - Your Choice Way
අද අපේ කතාව දකුණු පළාතේ ලස්සන මුහුදු තීරයක් ගැන.මාතර ඇවිල්ලා වැල්ල පෑගුවේ නැත්නම් ඉතින් මක්කටෙයි නේද? 

ඒ නිසා තමා අපි අද පොල්හේන වෙරළ තීරය ගැන කියන්න යන්නේ.මේක සංචාරක තෝතැන්නක් කිව්වොත් නිවැරදී.සැබැවින්ම එය දැකුම්කළු සුන්දර වෙරළ තීරයක්. 

මෙහි සුවීශේෂීත්වය තමා... ආරක්ෂාකාරීව නාන්න පුළුවන් නිසා සෙනග නොසෑහෙන්න පැමිණෙන එක... 

ඒ ඇයි දන්නවද..පොල්හේන වෙරළ තීරය ආරක්ෂාකාරීව නාන්න පුළුවන් විදිහට ස්වභාවිකවම වෙරළ තීරයේ ඇති පිහිටීම නිසයි. 

ඒ නිසාම..පොල්හේන වෙරළට ස්වාභාවික වෙරළ තටාකයක් කිව්වොත් නිවැරදියි. ඒ කියන්නේ කොරල් පර වලින් ආරක්ෂිත වට වෙලා තිබීම නිසා සැඩ රළ නොඑන්නට ජලයෙන් පිරිලා තියන නිසායි..

පීනන්න ඉගෙන ගන්න අයටත් පොල්හේන වෙරළ ඉතාම සුදුසුයි.ඒ වගේම පොල්හේන වෙරළ තීරය කිලෝමීටර් හතක් විතර දුරක ලස්සන කොරල්පර පැතිරිලා තියෙනවා. ඒ ආශ්‍රිත විවිධාකාරය මාළුන් වගේම කැස්බෑවන් පවා ගැවසෙනවා. ඔයාලට ගිහින් බලන්නත් පුලුවන්...

මේ නිසා දිනපතා එහි සංචාරකයන් දැඩි ලෙස ආකර්ෂණය කර ගැනීමට හේතුවක් වෙලා තියෙනවා.පොල්හේන වෙරළ තීරයට සංචාරයේ යෙදෙන්නන්ට අමතර වාසි රැසක් ලබා ගන්න පුළුවන්. 

ඒ තමයි මාතර ප්‍රදේශයට ආවේණික ආහාරපාන නොයෙකුත් ඇඳුම් ආයිත්තම් ගන්න අවස්ථාව උදාවෙනවා.කොහොම වුණත් පොල්හේන කියන්නේ පුංචි ලංකාවටම ආභරණයක් වගේ. 

මේ නිසා මේ සොඳුරු ඉසව්ව ආරක්ෂා කරන් එහි සංචාරයේ යෙදෙන ඔබගේ වගකීමක් වෙනවා.නිවාඩු පාඩුවේ පවුලේ උදවිය එක්ක ගිහින් සුන්දරත්වය විඳලා එන්න.

පොලිස් මුරපොලක්, වෙරළ ආරක්ෂක කාර්යාලයක් වගේම බේරාගැනීමේ නිලධාරීන් එහෙමත් ඉන්න නිසා මෙතන සර්ව සම්පූර්ණ පිහිනුම් වෙරළ තීරයක් කිව්වොත් නිවැරදියි.

කොයිතරම් ආරක්ෂාකාරී වුණත් පරිස්සමට ගිහින් එන්න හොදේ.හැබැයි කාලයක් ජෙලිෆිෂ් විශේෂයක් මිනිසුන්ට ආසාදනයන් ඇති කරලත් තියනවා.. හැමදේ ගැනම අවදානෙන් ගිහින් එන්න...

Polhena Beach

The Polhena beach is located about 2 Kilometres away from the Matara town. It has a stretch of coral reef barrier that extends for over 4 kms makes this beach a unique one. The reef barricades larger waves and only the softer ripples come rolling over to the shores thereby crearting a vast span of shallow waters ideal for swimming. Shops which sell bathing suits and swimming gear throng the coastline of the beaches making it easier if you come here unprepared on a spontaneous vacation. The beach is one of the safest for kids to have a good time.

පින්තූර මුල්හිමිකරු සතුයි.📸🙏
ස්වභාවික වෙරළ තටාකය - පොල්හේන 🌊🏊🏻‍♂️🌴(Polhena Beach) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ස්වභාවික වෙරළ තටාකය - පොල්හේන 🌊🏊🏻‍♂️🌴 (Polhena Beach) ස්වභාවික වෙරළ තටාකය - පොල්හේන 🌊🏊🏻‍♂️🌴 (Polhena Beach) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2020 Rating: 5

0 comments:

Post a Comment