යාපනයේ මන්ත්‍රී මාළිගයට යමුද 🏰🏯 (Manthiri Manai Mansion)

යාපනයේ මන්ත්‍රී මාළිගයට යමුද 🏰🏯 (Manthiri Manai Mansion) - Your Choice Way
අද අපි කතා කරන්නේ තේජාන්විත බව තවමත් මැකී ගොස් නැති ඉපැරණි ගොඩනැගිල්ලක් ගැන.

එය නමින් මන්ත්‍රී මාළිගයයි.යාපනේ යන හුග දෙනෙක් මේ ගැන දන්නේ නැති නිසා මේ මාළිගය මගහැරෙනවා.

මේ මාළිගයට රාජ මන්ත්‍රී මාළිගය කියාලත් කියනවා. ඒ වගේම දෙමළ භාෂාවෙන් කියන්නේ මන්ද්‍රිමනායි කියලා.. සමහර අය මේ මාළිගය සංගිලියන් රජවරුන්ගේ මාළිගය කියා විශ්වාස කරනවා. 

හැබැයි වැඩිදෙනාගේ පිළිගැනීම වෙන්නේ මේක සංගිලි රාජ පරම්පරාවේ අවසන් ප්‍රභූවරයාට අයත් වූ මාළිගය කියලයි.

ඒ වගේම ව්‍යවහාරයේ යෙදෙන සංඥා නාම අනූව මෙම ගොඩනැගිල්ල එවකට බිසෝවරුන් සඳහා වූ වාසස්ථානයක් ලෙස පැවති බව ද සදහන්.

ක්‍රි.ව. 13 සිට 17 වන කාල සීමාව තෙක් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වාසය කල ආර්ය චක්‍රවර්තී රජවරු සිය මාළිගා ගොඩනගාගත් ස්ථාන පිළිබඳව පැහැදිලි සාධක හමුවෙලා නෑ..

කොහොම වුණත් මෙම මාළිගය සංගිලියන් රජවරුන්ගේ මාළිගය කියා විශ්වාස කරන්නේ සංගිලියන් තොරනත් ඊට ඇතුලතින් තිබෙන නටඹුන් රජ මාළිගාවක නටඹුන් විය හැකි බවට සාධක පවතින නිසාය..

බැලූ බැල්මට මෙය පුරාවිද්‍යා ස්මාරකයක් වගෙයි.දිරා ගිය යකඩ ගේට්ටුවකින් ඇතුළු වී මාළිගය දෙසට ළංවත්ම දුර්වර්ණ වූ බිත්ති නිසා වැසීයමින් පවතින්නේ අපේ තේජාන්විත අතීතයක සටහන් නේද කියා සිහිවෙද්දී දුකකුත් එනවා..

මෙම මාළිගය මයෝසීන හුණුගල් වලින් නිර්මාණය කරන ලද්දකී.. බිත්ති හුණු බදාමයෙන් කපරාරු කොට තිබෙනවා.

ප්‍රධාන පිවිසුමෙහි හා ගොඩනැගිල්ල ඇතුලතෙහි දැකගත හැකි වෘත්තාකාර කුළුණු දකුණු ඉන්දියානු ආභාෂයක් පෙන්නුම් කිරීම සුවිශේෂි කරුණකී.

උස් වූ ආරුක්කුවෙන් ඇතුළු ව පසුව මාළිගයට පිවිසීමට තවත් කැටයමින් සැරසුණු උස් ආරුක්කුවක් ද දොරටුවක් ද පසු කළ යුතුය. 

ආරුක්කු මත රැදුණු කැටයම් රටා එහි වූ තේජාන්විත බව මනා ලෙස පෙන්නුම් කරයී.ඒ වගේම තට්ටු දෙකට නිර්මාණය වූ මාළිගාවකී.

යාපනයයේ නල්ලූර් හි තමා මේ මාළිගය තියෙන්නේ.නමුත් කණගාටුව වන්නේ මෙම මාළිගය දිනෙන් දින ප්‍රතිසංස්කරණ වීමක් නොව ගරා වැටීමයි.

මෙම මාළිගයේ චමත්කාරය මුළුමනින් පහවගොස් නොමැති අතර මෙය රැක ගත යුතු බව නම් සැබෑවකී.මෙවැනි ඓතිහාසික මෙන්ම කලාත්මක වැදගත්කමකින් යුතු ස්ථාන මතු පරපුර වෙනුවෙන් ද රැකගත යුතුයි

Manthiri Manai mansion

Manthiri Manai mansion was built with a mixture of colonial and hindu architecture. The Tamil name which translates to Ministers Adobe. This is a historic palace situated in Nallur, Jaffna. Currently, this structure has been taken over by the department of archeology with the intention of renovating and restoring this building.

The palace is associated with the Jaffna kingdom. A number of theories have come up on the history of this mansion. It is believed to be one of the palaces or residences of a minister of Cankili, king of Jaffna, before the fall of the Jaffna kingdom to the Portuguese. 

The structure is built in a mixture of European and Dravidian architecture styles. The entrance has an ornamental gateway, a large arched porch, and a tower.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
යාපනයේ මන්ත්‍රී මාළිගයට යමුද 🏰🏯 (Manthiri Manai Mansion) යාපනයේ මන්ත්‍රී මාළිගයට යමුද 🏰🏯 (Manthiri Manai Mansion) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 17, 2020 Rating: 5

0 comments:

Post a Comment