කාලම බලන්න හරිම රසයි ෆෘට් ට්‍රයිෆල්.
අවශ්‍ය දුව්‍ය:
- බටර් කේක් 250 g
- සීනි 150 g
- පලතුරු කැබලි 200 g
- ජෑම් 50 g
- කස්‌ටර්ඩ් 50 g
- කිරි 500 ml
- ජෙලි පැකට් 01
- උණු කරගත් වතුර 250 ml
සදන ක්‍රමය:
- බටර් කේක් මතට ජෑම් ගා කොටු ආකාරයට කැබලි කපාගන්න
- වීදුරු බඳුනකට අතුරා එය මතට පලතුරු කැබලි එකතු කරගන්න.
- භාජනයක් ලිප තබා කිරි සහ සීනි දමා හැඳි ගා උතුරවා එයට කස්‌ටඩ් පවුඩර් එකතු කර ලිපෙන් බාගන්න.
- සාදාගත් මිශ්‍රණය කේක් මතට අතුරා ගන්න.හොඳින් නිවෙන තුරු ශීතකරණයක තබා ගන්න.
- උණු කරගත් ජලයට ජෙලි එකතු කර හොඳින් දියකරගන්න. නිවෙන්න තබන්න.
- නිවුණු පසු සාදාගත් පෘටි ට්‍රයිෆල් එක මතට ජෙලි එකතු කර පැය 2 ක් පමණ ශීතකරණයක තබා පිළිගන්වන්න.
0 comments:
Post a Comment