Lak Mani Mage Song Lyrics - ලක් මෑනි මගේ ගීතයේ පද පෙළ

Lak Mani Mage Song Lyrics - ලක් මෑනි මගේ ගීතයේ පද පෙළ
Song Title : Lak Mani Mage (ලක් මෑනි මගේ)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

මුතු ඇටයයි සාගරයේ ඉන්දියන්
නම දිලෙනා ලෝ සැම තැන ප්‍රීතියෙන්
බබලවනා සැම දෙන හරි ආදරෙන්
ලක් මෑනිව රැක ගන්නේ දිරියෙන්

අභිමන් ඉතිහාසය ලක් මෑනියගේ 
දිදුලයි සැමදා මෑනියගේ ඇති අගේ
වීර විකුම් පෑ විරුවන් මෑනියගේ
මතකයන් සැමදා රජ කරයි ලෝ තුල මෑනියගේ

හරි සුන්දරයි මනහාරයි මුහුද වටේ
සිරියාවයි රටටම කදු පන්ති ටිකේ
දියඇලි හැඩකරයි ලක් මෑනිගෙ හිසකේ
ලක්මව බබලවයි පරිසරයත් සිත්සේ

සුමන සමන් දෙව් රඳ මෙහි වැඩ සිටිනා 
සමනල අඩවියෙන් බුදු රැස් විහිදෙන්නා
මහ සෑ රන්කොතින් උතුරන ගුණ කන්දා
නිබඳව ලක් මෑනිගේ ආරක්ෂාව රන්දා

කිරි වෙහෙරයි කතරගමයි කඳ සුරිදුයි
කලණි විහාරෙයි මුතියංගන වෙහෙරයි
නාගදීපයයි අනුරාපුර සුපින් බිමයි
ලෝ සැම තැන පතුරාලයි බුදු සිසිලයි

බුදුහිමි අනුහසින් ලක් දිව රැකෙන දහම්
රැක ගත යුතුයි සැමදෙන ලක් මෑනි උතුම්
සම්බුදු සසුන රැක ගැනුමට කරමු පැතුම්
මතු පරපුරට රැක දී ලක් මෑනි උතුම්

බුදු හිමි තෙවරක් වැඩියේ මේ පින්බිමයි
බුදු දහමත් පවතින්නේ මේ පින්බිමයි
බුදු හිමි අනුහසින් රැකුනේ මේ පින්බිමයි
සාධු වදිමු හද බැතියෙන් මේ පින්බිමයි

ඉපදුන දවසේ ඉදන් මට සෙවන දුන්න තාමත් මගෙ මව තරම්ම උතුම් මව මගේ මව්බිම වෙනුවෙන් තමයි මම මේ කවි පෙල ගෙතුවේ.. මගේ ලක් මෑනිට උපහාරයක්ම වේවා!!
දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lak Mani Mage Song Lyrics - ලක් මෑනි මගේ ගීතයේ පද පෙළ Lak Mani Mage Song Lyrics - ලක් මෑනි මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 22, 2020 Rating: 5

0 comments:

Post a Comment