ගාල්ලේ - කොට්ටව පුංචි සිංහරාජයට යමු ද? 🍃🎍🌴 (Kottawa Forest)

ගාල්ලේ - කොට්ටව පුංචි සිංහරාජයට යමු ද? 🍃🎍🌴 (Kottawa Forest)
අපි අද කතාකරන්න යන්නේ දකුණු ලකේ තියෙන ලස්සන වන පියසක් ගැන එය නමින් කොට්ටව කෝඹල රක්ෂිත වනාන්තරයයි.

ගොඩක් අය මෙහෙම වනාන්තරයක් තියෙනවද කියලා දන්නෙත් නැතුව ඇති.. කොට්ටාව නෙමේ කොට්ටව. 

ගාල්ල සිට කි.මි. 17 ක් පමණ දුරින් ගාල්ල උඩුගම මාර්ගයේ දෙපස තමා මෙම සුන්දර වන පියස හමුවෙන්නේ..සිංහරාජ වනාන්තරයේ උප කොටසක් ලෙසන් සැලකෙන මෙම සොදුරු වන පෙත වන උයනක් ලෙසින් තමා මෙය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ..

1870 දී සුදු ජාතික පාලන සමයේ දී අක්‌කර 3000 කට අධිකව වන පෙදෙසක්ව පැවති බවට තොරතුරු තිබෙනවා..හැබැයි දැන්නම් එතරම් ප්‍රමාණයක් නෑ.. අක්කර 37කට පමණක් සීමාවෙලයි තියෙන්නේ...

1937 දී කොට්ටව වන උද්‍යානයක් ලෙසින් නම් කරලා තියෙනවා... පස්සේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙය කොට්ටව කෝඹල රක්ෂිතයක් ලෙසින් නම් කර තිබෙනවා..

ස්වාභාවික වෘක්ෂලතා ඉතාමත් හොදින් අධ්‍යයනය කරන්න මෙහි යන ඔබටත් පුලුවන්...මෙහි හොදම දේ තමා සර්ප ගහණය ඉතාමත් අඩු බැවින් සංචාරකයින්ට නිදහසේ ඇවිදින්න පුලුවන් වන අඩවියක් වීමයි.

අතීතයේ මෙම වන පියස කන්නෙළිය හා සිංහරාජය යන වර්ෂා වනාන්තරයන් හා සම්බන්ධව තිබූ බවට සාධක ඇතත් වර්තමානයේ ගම්මාන 19 කට වටවූ කුඩා වනගොමුවක් බවට පත්ව තිබෙනවා.. ඒ ඉතින් වන විනාශයේ තරම තමා..

මුහුදු මට්ටමේ සිට මීටර 50 ත් 300 ත් අතර උසකින් පිහිටා ඇති මෙම වන ගොමුව නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයකි. 

මෙම සොදුරු වන පෙතට යාබදව පිහිට පැල තවානද ඉතාමත් සුවිශේෂි වෙනවා.. අනෙක් පසින් පිහිටි නාන තටාකය ද සංචාරකයින්ගේ අවධානය දිනාගත් සංචාරක ස්ථානයක් වෙනවා..

ශ්‍රී ලංකාවට ආවේනි ශාක මෙන්ම සත්ව විශේෂයන්ද මෙහි දක්නට ලැබෙනවා..

අතීත පොතපත් පරිශීලනයේ දී පෙනී යන්නේ ශාක වර්ග 153 ක්‌ පවතින බවත් ඉන් 65 ක්‌ ඒකදේශීය ශාකයි. සත්ත්ව විශේෂද රාශියක් මෙහි ඇත.

මත්ස්‍ය වර්ග 17 ක්‌ සහ උභය ජීවීන් වර්ග 14 ක්‌ මේ වන පෙදෙසේදී දැකිය හැකිය. ඒ වගේම පක්‍ෂීන් වර්ගද 57 ක්‌ මේ වනාන්තරයේදී දැකගන්න පුලුවන්... සමනළ විශේෂ 40 ක්‌ මෙහි සිටි බව කියවෙති.. 

හැබැයි වර්තමානයේ මේ තත්ත්වය මේ විදියටම තියනවද කියලා දන්නේ නෑ මොකද.අපේම ක්‍රියාකාරකම් නිසා වන ගහණය ක්‍රමයෙන් අඩුවන ලකුණු තමා තියෙන්නේ...

මේ උරුමයන් ආරක්ෂා කරගන්න ඔබත් සහය වන්න..

Kottawa Forest

Kottawa forest reserve is situated in northeast of Galle along the main road to Udugama township. This isolated patch of low country rain forest is only about 37acres in extent. Nevertheless, it has all the features of a typical rainforest. The vegetation is that of wet evergreen type with tall trees struggling upwards to reach the sunlight with small canopies touching each other preventing the penetration of sunlight to the bed of the forest. The tree bases are buttress in nature, a well represented under storey of plant comprising of the dominate tree species is present and hence it is considered a climax community, a healthy sign for the continuity of the forest. The vegetation is dominated with Dipterocarpus species and tree ferns, where orchids and moss grow on their tall tree trunks.

There are about 170 tree species identified in the area of which about 100 species are endemic to the country. About 80 common tree species have been identified and numbered with their botanic names.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
ගාල්ලේ - කොට්ටව පුංචි සිංහරාජයට යමු ද? 🍃🎍🌴 (Kottawa Forest) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගාල්ලේ - කොට්ටව පුංචි සිංහරාජයට යමු ද? 🍃🎍🌴 (Kottawa Forest) ගාල්ලේ - කොට්ටව පුංචි සිංහරාජයට යමු ද? 🍃🎍🌴 (Kottawa Forest) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 23, 2020 Rating: 5

0 comments:

Post a Comment