වැස්ස වෙලාවට ඉගුරු බිස්කට් එකක් කාලා ප්ලේන්ටියක් බෝන්න තියෙයිනම් මරු නේද..ඔන්න ඉතින් මං ටක් ටික් ටුක් ගාලා හැදුවා කුකීස්..දර ලිපේ තමයි හැදුවේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන් පිටි 50g
- බේකින් පවුඩර් තේ හැදි කාලක්
- බටර් මේස හැදි 3කුයි
- ඉගුරු ඉස්ම මේස හැදි 2යි
- සීනි මේස හැදි 4යි
- ලුණු චූට්ටක්
සාදන ආකාරය:
- පාන් පිටි 50gකට බේකින් පවුඩර් තේ හැදි කාලක් දාලා 3පාරක් හලා ගත්තා.
- ඒකටම බටර් මේස හැදි 3කුයි,ඉගුරු ඉස්ම මේස හැදි 2කුයි දාගත්තා.(වතුර නොදා ඉගුරු වල ඉස්ම ගන්න)
- ඒකටම කුඩු කරගත්තු සීනි මේස හැදි 4ක් දාලා හොදට කලවම් කරගත්තා.
- ලුණු චූට්ටකුත් දැම්මා.
- හොදට ගුලියක් වගේ හදාගත්තා.
- පොඩිවට බෝල 8ක් හදාගත්තා.
- රවුමට තුනී කරගෙන ගෑරුප්පුවෙන් උඩ පොඩ්ඩක් හැඩ වැඩ කලා😂😂.ලස්සනත් තියෙන්නෙ එපැයි.
- ඊට පස්සෙ ලොකු තාච්චය ලිපේන් තියලා වලං තියෙන යකඩ දරඩුව තිබ්බා.
- බිස්කට් ටික බටර් හෝ පොල්තෙල් ගා ගත්තු තැටියක අහුරලා දරඩුව උඩින් තිබ්බා.
- කොරහෙන් තාච්චය වහලා හොදට ගින්දර දැම්මා.
- විනාඩි 20ක් වගේ ගියාම යට බේක් උනා.
- අනිත් පැත්ත හරවලා විනාඩි 5ක් වගේ තිබ්බා.
- ඊට පස්සෙ ලිපෙන් බාලා නිවෙන්න තිබ්බා.
එහෙම තමයි මං මේ කුකීස් හදාගත්තේ.8යි හදාගන්න පුලුවන් උනේ.පියවරෙන් පියවර පොටෝ ගහන්න නම් බැරි උනා අද.හරිම රසවත් මේ කුකීස්.ඔයාලත් හදලා බලන්නකෝ 😋😋
මෙම ඉගුරු [ජින්ජර්] කුකීස් සාදන විදිහ අපට එව්වේ, මුහුණු පොතෙහි සිටින Gayan S Karunarathna සොහොයුරා විසින්.
![ඉගුරු [ජින්ජර්] කුකීස් (Ginger Cookies) - Your Choice Way ඉගුරු [ජින්ජර්] කුකීස් (Ginger Cookies) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhy63p0U3_qKDKW6ZaUri_39IE6odV1a10UlY2qKdhqr_vItG8JCTT38hIR9jN8zkkWGCJYDbd1slF1xn1j4yFFVo9ANGZvo5n5axRD1_6HaokwPEd_GvZ73_Fbz5hIBh7fP-VXCNb2Ijo/w640-h360/%25E0%25B6%2589%25E0%25B6%259C%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594+%255B%25E0%25B6%25A2%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25A2%25E0%25B6%25BB%25E0%25B7%258A%255D+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%259A%25E0%25B7%2593%25E0%25B7%2583%25E0%25B7%258A+%2528Ginger+Cookies%2529+-+Your+Choice+Way.jpg)
![ඉගුරු [ජින්ජර්] කුකීස් (Ginger Cookies) - Your Choice Way ඉගුරු [ජින්ජර්] කුකීස් (Ginger Cookies) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiosZcyHD3kyhAC9MrZIhFN67EcoYqGhYNUv_nFbe_XIY3QX2MbscY9KWLuZn8Ae7H1w75Bqm7T5a0yA_TIQXlUaMQMHGt0J85nHVtLRWNWOBgaWar5BTsm_xkJOECjoXNloF4ygsQZFdk/w480-h640/%25E0%25B6%2589%25E0%25B6%259C%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594+%255B%25E0%25B6%25A2%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25A2%25E0%25B6%25BB%25E0%25B7%258A%255D+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%259A%25E0%25B7%2593%25E0%25B7%2583%25E0%25B7%258A+%2528Ginger+Cookies%2529+1+-+Your+Choice+Way.jpg)
![ඉගුරු [ජින්ජර්] කුකීස් (Ginger Cookies) - Your Choice Way ඉගුරු [ජින්ජර්] කුකීස් (Ginger Cookies) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioVBoGfkwj4lQhjpocEHa46NY3CXOsNPZtvgW8RX92p0aeKRmqUU5h-L3xpWmAC0_Rfs8VSNMOI44K0MjrCr0fGPpqbEoXAe8LPDO21hhmA5IItFSjME4v9kmAjuCm5GYxpbIm8ljDRvE/w480-h640/%25E0%25B6%2589%25E0%25B6%259C%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594+%255B%25E0%25B6%25A2%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25A2%25E0%25B6%25BB%25E0%25B7%258A%255D+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%259A%25E0%25B7%2593%25E0%25B7%2583%25E0%25B7%258A+%2528Ginger+Cookies%2529+2+-+Your+Choice+Way.jpg)
![ඉගුරු [ජින්ජර්] කුකීස් (Ginger Cookies) - Your Choice Way ඉගුරු [ජින්ජර්] කුකීස් (Ginger Cookies) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8x80VlvOn2cmXs79IKFxVPVKxTXMy-xULIy1hGwF2ek4PAS6Vg5FIgpVKZDXK__rSk0PPjaui3ZTMcNDkC8A7se_BT2VL9DO1CXL3IsRprT2_hgvlJwdK8JJl4wucWydhJ26G4_-fgtI/w640-h480/%25E0%25B6%2589%25E0%25B6%259C%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594+%255B%25E0%25B6%25A2%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25A2%25E0%25B6%25BB%25E0%25B7%258A%255D+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%259A%25E0%25B7%2593%25E0%25B7%2583%25E0%25B7%258A+%2528Ginger+Cookies%2529+3+-+Your+Choice+Way.jpg)
![ඉගුරු [ජින්ජර්] කුකීස් (Ginger Cookies) - Your Choice Way ඉගුරු [ජින්ජර්] කුකීස් (Ginger Cookies) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh92Rnf0UCevGglZPP3awL2Otp7EkpfrcKkFA5qMhdJnB7DiC5r6NmAijeEOCdpW_bItsqt50QY2PZlMtO4Qkl3OUpdBNbVJKvQtPZmS_UgZdGB0B6SffkoVSf7QB49cQxGwOs8JOxfXso/w640-h480/%25E0%25B6%2589%25E0%25B6%259C%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594+%255B%25E0%25B6%25A2%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25A2%25E0%25B6%25BB%25E0%25B7%258A%255D+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%259A%25E0%25B7%2593%25E0%25B7%2583%25E0%25B7%258A+%2528Ginger+Cookies%2529+4+-+Your+Choice+Way.jpg)


0 comments:
Post a Comment