Ath Rajune Song Lyrics - ඇත් රජුනේ ගීතයේ පද පෙළ

Ath Rajune Song Lyrics - ඇත් රජුනේ ගීතයේ පද පෙළ
Song Title : Ath Rajune (ඇත් රජුනේ)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

දළදා සමිදු පිහිටයි සැමටම නිතිනේ
දොහොත් මුදුන් දී වදිනෙම් ඔබ සමිදේ
පලමුව පතන්නම් අවසර හද බැතිනේ
අකුරු කරන්නට ඇත් රජු ගැන සොදිනේ

ගමන් විලාසය ඇත් රජුනේ ඔබගේ
හරි ආඩම්බරයි පියවර තබනා ඔබගේ
මිනිසුන් වන අපට නැති පින්කද ඔබගේ
අහවර කල නොහැක වචනින් ගුණ ඔබගේ

දළදා සමිදු වෙත ඔබ ජීවිතේ පුදා
මතු සසරින් එතෙර වන්න පැතුම් පුරා
සැමදා ගොසින් සිදු කල වැදුමන් නොමදා
ඒ පින් බලෙන් ඇත් රජු සැනසෙයි සැමදා

නැදුන්ගමුවේ ඇත් රජුනේ හද බැතිනේ
ඔබගේ ගුණ වයන්නේ මා හද බැතිනේ
දෙදණ තියා මල් පුදනා ඔබ තොසිනේ
මා හදවත මොහොතක් නතරව තිබුනේ

තිරිසන් සතෙකු වූවත් මහ පිනක් ඇති
ඔබ වැනි ගිජිදෙකුත් මේ ලොව නැතුව ඇති
දළදා සමිදු වඩමන්නට දහිරි  ඇති
මට නම් සිතා ගත නොහැකිවු අරුමයකි

නිදුක් නිරෝගිව දිගුකල් වැජබේවා
කිසිදු රෝ බියක් ඔබ හට නොම වේවා
සසරින් එතෙර වන්නට පින පෑදේවා
දළදා සමිදු සැමදා ඔබ රැක දේවා

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ath Rajune Song Lyrics - ඇත් රජුනේ ගීතයේ පද පෙළ Ath Rajune Song Lyrics - ඇත් රජුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 27, 2020 Rating: 5

0 comments:

Post a Comment