පොකුණු කුට්ටමක් ඇති - කුට්ටම් පොකුණ 2️⃣🕳⛲️ (Kuttam Pokuna)

පොකුණු කුට්ටමක් ඇති - කුට්ටම් පොකුණ 2️⃣🕳⛲️ (Kuttam Pokuna) - Your Choice Way
අද අපේ කතාව අතීත මුතුන් මිත්තන්ගෙන් අපට දායාද කළ අපූරු සුන්දර නිර්මාණයන් ගෙන් එකක් ලෙස හඳුන්වන්න කුට්ටම් පොකුණ ගැනයී

අනුරාධපුරයේ අභයගිරි විහාරය වැදපුදා ගැනීමට යන බොහෝ දෙනෙක් මේ පොකුණ බලන්න නම් අනිවාර්යයෙන් එනවා.ඒ කාළේ මේ කුට්ටම් පොකුණ තනා තිබෙන්නේ අභයගිරි වාසි භික්ෂූන්ගේ ස්නානය සඳහා යි. 

සාමාන්‍ය ව්‍යවහාරයේ දී කුට්ටම යනු යුගලය යි. මෙහි පොකුණු දෙකක් පිහිටා තිබෙන නිසා මෙයට කුට්ටම් පොකුණ යන නම ලැබුණු බව ජනප්‍රවාදයේ සදහන්..

ඒ වගේම.එකම පවුරකින් වටවුණු පොකුණු දෙකකින් මෙය සමන්විත වීම නිසාම මෙයට කුට්ටම් පොකුණ ලෙස නම ලැබී ඇති බවත් කියවෙනවා..

ලොකු පොකුණ 132 ක් දිගින් යුතු වන අතර පොඩි පොකුණ දිගින් අඩි 92 ක් වෙනවා.පොකුණේ කට පිහිටා තිබෙන්නේ පොළෝ මට්ටමින් අඩි 3 ක් පමණ පහළට වන්නටයි. 

ලොකු පොකුණෙ මධ්‍ය ගැඹුර අඩි 17 කුත් අඟල් 9 ක්. කුඩා පොකුණේ ගැඹුර අඩි 14ක්. එසේම ලොකු පොකුණට බැසිය හැකි වන පරිදි අලංකාර සෝපානමාලා හෙවත් පඩිපේලි තුනක් නිර්මාණය කරල තියෙනවා. 

කුඩා පොකුණට පඩි පේළි දෙකක් බැසීමෙන් ඇතුළු විය හැකියි.පොකුණු වේදිකාවේ සිට පොකුණු පතුල දක්වා දිවෙන කැටයම් රහිත පඩි පේලියක්ද අපූරුවට නිර්මාණය කරළා තියෙනවා.

සෑම පඩි පේළියකම දෙපස කුඩා කුලුණු දෙක බැගින් දැකගන්නත් පුලුවන්.කුට්ටම් පොකුණට අපූර්වත්වයක් එක් කරමින් ඒ කුළුණු මුදුනෙහි විශාල පුන්කලස බැගින් තිබීම තවත් සුන්දරයී

ජලය ලබා ගැනීමටත් ජලය පිට කිරිමටත් පැරණි කලා කරුවා සතු වූ ස්වභාවධර්මය පිළිබඳ මනා දැණුමත්, වාස්තු විද්‍යාවේ නිපුණත්වයත් විදහා දක්වනා මාහැඟි දායදයක් ලෙස කුට්ටම් පොකුණ හදුන්වන්න පුලුවන්.

අතීතයේ දී හෙළ කලාකරුවා විසින් ඉදිකළ ඉතාමත්ම අලංකාර පොකුණුවලින් එකක් වන කුට්ටම් පොකුණ අදටත් අභයගිරි බිමට අලංකාරයක් එකතු කරනවා.

පොඩිකාලේ පාසලේ අධ්‍යයන චාරිකාවක් යද්දී මේ පොකුණ දිහා බැලුවට මෙහි ඉතිහාසය ගොඩක් අයට අමතක නිසා Travel කරන්න කැමති ඔයාලා Travel list එකට මේකත් එකතු කර ගන්න.

Kuttam Pokuna

Kuttam Pokuna or the twin ponds are another hydrologic engineering marvels of the ancient Sri Lanka. These two ponds belong to the Abayagiri aramic complex and probably been used by the monks for bathing. 

The origins of these ponds are not known but it is thought to have been built during the reign of King Aggabodhi I (575-608).

The smaller pond (the northern) one has been constructed first and the larger one at a later stage. They are connected through a pipeline at the bottom. 

The northern pond is 91 feet (28 meters) long and the other 132 feet (40 meters) .

Water to these ponds have been supplied through underground pipelines and the water is sent through several filtering chambers before it falls on the northern pond through a mouth of a dragon. The water from both ponds is drained from a small outlet in the smaller northern pond.

Though the underground pipelines are no more, you can see 4 levels of filtering of the water before it enters the ponds.

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පොකුණු කුට්ටමක් ඇති - කුට්ටම් පොකුණ 2️⃣🕳⛲️ (Kuttam Pokuna) පොකුණු කුට්ටමක් ඇති - කුට්ටම් පොකුණ 2️⃣🕳⛲️ (Kuttam Pokuna) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 15, 2020 Rating: 5

0 comments:

Post a Comment